_Begin 1_✌️

460 80 5
                                    

"ටේහ්‍යුනා..අපි ටිකකට එලියට යනවා කුකිව පරිස්සමට බලාගන්නවා.."

"නේ ඔමෝනිම්.."

මම ඔමෝනි කියපු ගමන් කුකිගේ රූම් එකට දිව්වේ පාඩම් කරන එකත් නතර කරලා..

මගේ නම කිම් ටේහ්‍යුංන්..වයස අවුරුදු 12යි..මට වැඩි වයසක් නැති වුණාට මම තමයි මගේ චුටි මල්ලිව ගොඩක් වේලාවට බලාගන්නෙ..එයාගේ නම ජොන්හ් ජොංකුක්..

ඔයාල බලනවා ඇති මම කිම් වෙලා මගේ මල්ලි බබා ජොන්හ් උනේ කොහොමද කියල එක මෙහෙමයි අපි දෙන්නගේම ඔම්මා එක්කෙනෙක් උනාට අපි දෙන්නා අප්පලා දෙන්නෙක්ගේ ළමයි..

මගේ අප්පා මාවයි ඔම්මවයි දාලා සදාහට මේ ලෝකෙන් ගිහින් දැනට අවුරුදු 10ක් වෙනවාලු..අපේ අප්පා නැතිවුණ විදියවත් අපේ ඔම්මා මිස්ටර් ජොන්හ් ගාවට ආපු හේතුවත් මම දන්නෙ නෑ..මම දන්නෙ මට දැන් අප්ප කෙනෙක් නෑ කියල විතරයි මොකද මිස්ටර් ජොන්හ් මාව දරුකමට හදාගන්න බාරගත්තාට එයා මට පොඩ්ඩක්වත් කැමති නෑ කියල මට තේරුනේ දවසක් මගේ අතින් කුකිගේ remote control කාර් එකක් කැඩනා කියලා මම වගේ කාබසිනියෙක් තවත් මේ ගෙදරට එපා කියපු මිස්ටර් ජොන්හ් මාව අනාථ ළමා නිවාසෙකට ගිහින් දාන්න හදපු දවසෙයි..

මට එදා හුඟාක් දුක හිතුනා එත් මම වචනයක් වත් නොකිය ඇස්වලින් විතරක් ඇඩුවා..ඒ කඳුළු මගේ කම්මුල්වලින් පිහිදැම්මේ මගේ චුටි මල්ලි බබා විතරයි..එදා මිස්ටර් ජොන්හ් මාව ගෙදරින් ඇදගෙන යන්න හදනකොට චුටි කුකි බිම පෙරළි පෙරළි නාඬන්න අද මම අනාථ ළමා නිවාසෙක කාත් කවුරුත් නැති දරුවෙක්..

ඔම්ම වගේම මිස්ටර් ජොන්හ් මට මොන තරම් වෙනස්කම් කරත් මට මේ ගෙදර ඉන්න ආස හිතෙන එකම හේතුව මගේ චුටි බෝල ගෙඩිය..එයාගේ බෝල ඇස් කරක කරක හ්‍යුංන් කියද්දි මට පුදුම සතුටක් දැනෙන්නෙ..චුටි කුකිට තාම අවුරුදු 6‍යි එයා ටිකක් විතර දගයි එත් එයා මට ගොඩක් ආදරෙයි..මටත් එයා නැතුව එක තත්පරයක්වත් ඉන්න බෑ ඒ තරම් මම මගේ චුටි මල්ලි බබාට හුඟාක් ආදරේ කරනවා..

මට නම් හිතෙන්නෙ චුටි කුකි මගේ ළගට එවලා තියෙන්නෙ දෙයියන් වහන්සේ කියල..මොකද චුටි කුකි නොතේරුන් කමට උනාත් මට දුක හිතුනාම ඔම්මටයි මිස්ටර් ජොන්හ්ටයි හොරෙන් මගේ රූම් එකට ඇවිත් "අඬන්න අපා හ්‍යුංන්ට කුකි බබා ඉන්නවානේ" කියල මට තුරුලු වෙලා නිදාගන්නෙ ඒ හුරතල් මල්ලට මගේ දුක හොදටම තේරිලා වගේ..

Begin_✌️(Completed✔️)Where stories live. Discover now