ඇයි මිනිස්සුන්ට හදවතක් දිලා තියෙන්නෙ එක රිදෙනකොට පුදුම වේදනාවක් නේ දැනෙන්නෙ..මට හැම නිතරම හිතෙන දේයක් තමයි ඇයි මිනිස්සුන්ට හදවතක් ලැබුනෙ කියලා..මේ රෑ අහසෙ එහෙට මෙහෙට පාවෙල යන වලාකුළක් වගේ නිදහසේ මටත් අහස පුරා පාවෙලා යන්න තිබුනා නම්..මම ගව් ගාණක් දුර ඈත පෙන අහස දිහා බලන් කල්පනා කරා..
අද මිස්ටර් ජොන්හ්ගේ ගෙදර පාටියක්..මට හිතෙන විදියට business party එකක් වෙන්නැති..පාටි එකට ගේ ඩෙකරෙක් කරලා කුකිට ලස්සන ඇදුමකුත් අන්දලා මම රුෆ් ටොප් එකට ආවේ මාව ඒ පාටියට වගේම මට ඒ වගේ පාටි නොගැලපෙන නිසා අනික මිස්ටර් ජොන්හ් වත් ඔම්මවත් කැමති නෑ මාව එයාලගේ ගෙදර වැඩකරන කෙනෙක් විදියටවත් කාටවත් අදුන්වලා දෙන්න..
එයාලගේ පාටියේ ඉඩ නැති උනාට මේ අහසෙ නම් මම වෙනුවෙන් ගොඩක් ඉඩ තියෙනවා...
"හ්‍යුංන්..."
රුෆ් ටොප් එකෙ බිම දිගා වෙලා අහසෙ තරු ගණන් කර කර ඉදපු මම එකපාර දැක්කෙ මගේ ඉස්සරහට ලොකු පෙට්ටියකුත් උස්සගෙන ඇවිත් හිටගෙන ඉන්න කුකිව..
"කුකි.."
කුකි පෙට්ටියත් උස්සගෙන කකුල් දෙක දෙපැත්තට දාලා මගේ බඩ උඩින් ඉදගත්තා..
"ඇයි කුකි ඔය්..."
මට කියන්න පුලුවන් උනේ එච්චරයි කුකි ඩම්ප්ලින් එකක් අරන් මගේ කටේ එබුවා..
"හ්‍යුංන් දවල්ට කෑවේත් නෑ මේවා ඔක්කොම කන්නොන.."
"කුකි ඇයි ඔයා මෙතනට ආවේ ඔයා දැන් ඉන්නොන පාටි එකෙ නේ.."
"අනියා මම කැමති මගේ හ්‍යුංන් එක්ක ඉන්න.."
"හරි කුකි කො දැන් මගේ ඇඟ උඩින් බහින්න ඔයාගේ ඇදුම පොඩි වෙයි.."
මම කුකිව මගේ උකුල උඩින් තියාගත්තෙ එයාට මම දැන් කොච්චර පහළට යන්න කිව්වත් නොයන බව දන්න නිසායි..
"හ්‍යුංන්ට දුකයි නේද.."
"මම මොකටද කුකි දුක් වෙන්නෙ..අනේ ඇයි චුටි කුකි ඔයා අඩන්නෙ.."
මට හිතාගන්න බෑ කුකිගේ බෝල ඇස්වල කඳුළු පිරිලා එයා අඩනවා..
"හ්‍යුංන්ගේ අප්පා මැරිලා කියලා ඔම්මා කිව්වා.."
YOU ARE READING
Begin_✌️(Completed✔️)
Fanfiction"මේ ලෝකෙ තමන්ගේ ලේයින් ඉපදුන දරුවෙක්වත් නොකරන ලොකු කැපකිරිමක් කරපු උඹ මට මැණිකක් පුතේ..ටේහ්යුංනා උබයි අපේ පවුලේ අරාම්භය මයෙ පුතේ.." Started ➡ 2021.11.04 Finished ➡️ 2021.11.08 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_