එකපාරටම මූණට එලියක් වැටුනා වගේ දැනෙනකොට මට නිකන්ම ඇහැරුණා..ඔහ්..උදේ වෙලා...වෙලාව 6.30 යි...මං අට වෙනකොට Law college එකට යන්න ඕනෙ...ඉක්මනට නැගිටලා ඇද අස් පස් කරලා මං කුස්සිය පැත්තට ගියේ කන්න මොනවාහරි හදාගන්න...ඊයෙ රෑටත් මහන්සියටම නොකා නිදාගත්ත නිසා මට පුදුම තරම් බඩගිනියි...ඊයෙ එනකොට ගෙනාපු බඩු තිබ්බ නිසා මම රාමෙන් එකක් හදාගෙන කාලා ගේ වටේ පොඩ්ඩක් ඇවිද්දා...
ගෙදරම පාලුවෙන් වැහිලා ගිහින්...කවදාවත් ඔම්මා එක්ක මේ ගේ ඇතුලේ මම ඇවිදලා නැති උනාට එයාගෙ සුවද මෙහේදි මට දැනුනා...මට මතක් වෙනවා අප්පා එක්ක මම සෙල්ලම් කරපු විදිහ...මං දුවද්දි අප්පා පස්සෙන් මාව අල්ලන් දුවගෙන ආපු විදිහ...උදේට අප්පා මට බැන බැන කවපු විදිහ...අප්පා එන්න පරක්කු වෙනකොට මම දොර ළගින් ඉදන් පාර දිහා බලන් ඉදපු විදිහ...අප්පා ගෙදර ආවම මට ඔයා නැතුව ගොඩක් පාලු දැනුනා කියලා අප්පව බදාගෙන මම කියපු විදිහ...අම්මව මතක් උනාම අපි දෙන්නා එකට අඩපු විදිහ...ඒ හැමදේම මගේ මතකයන් විතරක්ම වෙලා...මම අවුරුදු 7කට කලින් මෙහෙන් යනකොට හීනෙකින් හිතුවෙ නෑ අපිට මෙහෙම වෙයි කියලා...අප්පා උනත් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති...කාටත් නොකිව්වට මගේ හිතේ දාහක් බලාපොරොත්තු තිබ්බා සෝල් ගිහින් හොදට ඉගෙන ගෙන අප්පවත් බලාගෙන ජීවිතේ ඉතුරු කාලෙ සතුටින් ඉන්න...ඒත් අන්තිමට මොකක්ද වෙලා තියෙන්නෙ...මේ කාලෙ ඇතුලේ අපිට මොනවද නොවුනෙ...මේ හැමදේම මට වේදනාවක් විතරක්ම වෙලා..හැමදේම...හැමදේම...ඔම්මා අප්පා ඔයාලා මං දිහා බලාගෙන නේද ඉන්නේ...මට ඔයාලා නැතුව පාලුයි..හුගක් පාලුයි...ඇයි අපිටම මෙහෙම උනේ...අප්පා මං ඔයා වෙනුවෙන් සාධාරණයක් ඉශ්ට කරනවාමයි...එදා මට ඔයාව බේරගන්න බැරි උන එකට මට සමාව දෙනවා නේද...එදා මං දුර්වලයෙක්...හැබැයි එදා නොතිබුණු ශක්තියක් අද මගේ ළග තියෙනවා...ඒ නිසා මං දන්නවා කරන්න ඕනෙ මොකක්ද කියලා...තව ටික කාලයක් දෙන්න මට...අනිත් අතින් මගේ ආදරේ... මගෙ ටෙටේ...
මං යන තැනක් ටේටෙට නොකියා ආවෙ හිතකින් නෙමෙයි...මං ඉන්න තැන කිව්වා නම් එයා හැමවෙලේම මාව බලන් එයි...එයා දැන් මට අයිති කෙනෙක් නෙමෙයි...අපිට එකට ඉන්න බෑ...එහෙම හිටියොත් ඒක වැරැද්දක්..ඒ නිසාමයි මං එයාට යන තැනක් නොකියම ආවෙ.. මං ආසයි එයාට තුරුල් වෙලා ඉන්න...හැමදාටම..මම බොහොම අමාරුවෙන් තමයි වැටෙන්න ගිහිපු කදුළු ටික පාලනය කරගෙන ටේ ලගින් ආවෙ...එයාට වගේම දුකක් මටත් දැනුනා...සමහරක්විට එයාටත් වඩා...මං hospital එකෙන් ආවම තනිවෙනවා...මොකද මට කියලා මේ ලොකේ ඉතුරු වෙලාහිටපු එකම කෙනා එයා..එයාටත් මේ ලෝකෙ ඉන්න එකම කෙනා මමද...නෑ නේද...ටෙටේට එයාගෙ ඔම්මා, අප්පා, එයාගෙ නූනා..යාලුවෝ...ඒ හැමෝම ඉන්නවා...එයාට වඩා මමයි හරි නම් අඩන්න ඕනෙ...මං දැන් තනියම...මට තනිකම ඕනවටත් වඩා දැනෙනවා...අඩනකොට, අඩන්න එපා කියන්න...නැත්තන් අඩනකොට බදාගන්න හැමවෙලේම එයා ළග කවුරුහරි ඇති...මට එහෙම කවුරුත් නෑ...මම තනිවෙලා...මගෙ තනිකම මකන්න තියෙන්නෙ මං ළග ඉතුරු වෙලා තියෙන මතක විතරයි..ඒත් ඒවෙලෙ හිත ශක්තිමත් කරගෙන මම ඒ තීරණේ ගත්තෙ ගන්න තිබ්බ හරිම තීරණේ ඒක නිසා...මං කැමති නෑ මං නිසා එයාගෙ ජීවිතේ අවුල් වෙනවට...
YOU ARE READING
𝙽𝙾𝚃 𝙼𝙸𝙽𝙴 || 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍
Short Storyසුසුමක් දුරින් නොරැදුනද... මේ හිත් මායිමේ පෙමක් පූදින්නෙ නුඹ වෙනුවෙන්ම පමණයි... මේ බවේ මට අහිමි මලක් වුවද... මතු බවේ නුබ මගේ අප අපේ බැව් මට නම් විශ්වාසයි.... ~ ♡ ~