මිනිත්තු විස්සකට ආසන්න කාලයක් ජන්කුක් ටේහ්යුන්ගේ උණුසුමට ගුලි වී හඩන්නට විය...ඉන් මද වෙලාවකට පසුව ඔවුන් දෙදෙනා දෙපසකට වූයෙ තමන් සිටින්නෙ නිවසේ සාලය තුළ කියා සැල වූ නිසා විය හැක...
ඔයා ආවා එහෙනම්....
ඔව් ටේ මම ආවා...
එන්න මෙහෙන් වාඩිවෙන්න...
මම කදුළුත් පිහදගෙන ආයෙත් සෝෆා එකෙන් ගිහින් වාඩිඋනා...මේඩ්ලා තුන් හතර දෙනෙක් ඇරුණම ගෙදර කවුරුත් නෑ...ඒතකොට කෝ නූනා...මොකක්හරි වැඩකට ගිහින් වෙන්නැති...නොදැක හිටපු කාලේ මගේ ටේ තවත් ලස්සන වෙලාද මන්දා...එයා දැන් මං ගැන ගොඩක් සතුටු වෙනවා ඇති...
ජන්කුක්...ඔයා දැන් ලොකු මනුස්සයෙක් වෙලානෙ...
අනේ ටෙටේ...මට ලැජ්ජයි...ඒක නෙමෙයි ටේ කෝ ඔයාගෙ අප්පා...එයා company එකේ හිටියෙ නෑනෙ...හියුන් විතරනෙ හිටියෙ...
ඔයා මෙහෙන් ගියාට පස්සෙ ගොඩක් දේවල් උනා ජන්කුක්...
ඒ මොනාද... මොකක්ද උනේ?
අප්පා...අප්පා...එයාට ඇවිදින්න බෑ ජන්කුක්...මීට අවුරුදු එකහමාරකට විතර කලින් එයා paralyze උනා...
අහ්...දැන් කොහොමද එයාට...
වරදක් නෑ ජන්කුක්...ඇවිදින්න බැරි එක තමයි...හිටියට වඩා ටිකක් දුර්වල වෙලා...
එතකොට company එක ඔයාගෙ හියුන්ගෙද...
අහ්...ඔව්...කොහොමත් මම ඇමෙරිකා හිටපු කාලෙ ඒක අප්පා හියුන්ගෙ නමට ලියලා දීලා...
ඒක ඔයාට නෙමෙයිද දෙන්න ඕනෙ...
එහෙම එකක් නෑනෙ ජන්කුක්...මට වඩා හොදට එයා ඒක බලාගන්නවා...ඉතින් මටත් සතුටුයි ඒ ගැන...
ටේ පව්...කොච්චර නරක කෙනෙක් උනත් ඒ ටේගේ අප්පා...එයා නරකයි කියන්නත් බෑ...එයා කැමති උනෙ නෑ එයාගෙ සල්ලිකාර පුතා දුප්පත් කොල්ලෙක්ට ආදරය කරනවට...ඒකයි එයා මට කරදර කරේ...එහෙම බැලුවොත් එයාගෙ පැත්තෙන් එයා සාධාරණ ඇති...
අම්මෙක් තාත්තෙක් දුක් විදිනකොට දරුවෙක්ට දැනෙන වේදනාව මම විදලා තියෙනවා...මගේ අප්පව කපලා කොටලා මරලා දැම්මෙ මගේ ඉස්සරහමයි...ඒ වේදනාව ගැන කාටටත් හිතාගන්නවත් බෑ...ඉතින් තමන්ගෙ අප්පා ඇදක් උඩ මුකුත් කර කියාගන්න බැරුව ඉන්නකොට ටේට කොහොම දුකක් දැනෙනවා ඇත්ද...ඒත් කවදා හරි කරපු පව්වලට එයා විදවන්නත් ඕනෙනෙ...
YOU ARE READING
𝙽𝙾𝚃 𝙼𝙸𝙽𝙴 || 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍
Short Storyසුසුමක් දුරින් නොරැදුනද... මේ හිත් මායිමේ පෙමක් පූදින්නෙ නුඹ වෙනුවෙන්ම පමණයි... මේ බවේ මට අහිමි මලක් වුවද... මතු බවේ නුබ මගේ අප අපේ බැව් මට නම් විශ්වාසයි.... ~ ♡ ~