1 කොටස

995 101 133
                                    


උබලා ජීවිතේ කියල කියන්නෙ මොකටද ?

මට හරි නිර්වචනයක් දෙන්න පුලුවන්ද ?

මන් හිතන්නෙ නෑ. මොකද අපි එකාට එකාගේ ජීවිතේ වෙනස්. උබලා විඳලා තියෙන දේවල් නෙමේ මන් විඳලා තියෙන්නෙ .

මගේ විදියට ජීවිතේ කියන්නෙ මැරෙන්න හේතු දාහක් තියෙද්දි ජීවත් වෙන්න තියෙන එක හේතුවට ආදරේ කරන එක.

එයා තමයි මට ජීවත් වෙන්න තියෙන එකම හේතුව. මගේ ආදරේ.

හැමදේම ඉස්සර තිබ්බා වගේ නොවුනට මන් තාමත් කරන්නෙ ආදරේ කරන එක .

ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසන එක.
මන් ජිවත් වෙන්නෙ එයාගෙ මතක එක්ක.

මගේ පිටින් පේන දේවල් වල එයාලට වඩා වෙනස් කම් ගොඩක් තිබුන නිසා  උන්ට අමතක උනා අපේ ඇතුළතින් තියෙන සමානකම්.

මාත් මනුස්සයෙක් , මටත් හිතක් පපුවක් තියෙනවා කියලා හැමෝම අමතක කරද්දි මගේ ආදරෙයි මගේ යාලුවයි විතරයි මන් එක්ක හිටියේ.

ඒත් දැන් කවුරුත් නෑ  . මන් තනිවෙලාද . මේ රටේ, මේ සමාජෙ මාවත් පිළිගත්තට  මට තාමත් සතුටක් නෑ. එයාල දෙන්නම මන් ගාව නෑ. එයාලා හොදින්ද කියලා මන් දන්නෙත් නෑ.

ඒ ආදරේ මතක් වෙන මතක් වෙන සැරේට පපුව අස්සෙ ගින්නක් ඇවිලෙනවා . එයාට විතරමයි ඒක  නිවන්න පුලුවන් .  ඔව් එයාට විතරයි තමා . එයා නෑ කියලා මන් අනිත් උන් වගේ බඩුවක් උනේ නෑ. තාමත් පේ විලා ඉන්නෙ ඒ නමට . මැරෙන්න කලින් එක පාරක් හරි ආයෙත් දැකගෙන ස්තුති කරන්න .

උබලට මේ මොකුත් තේරෙන්නෙ නෑනෙ .
එහෙනම් අහන් ඉන්නවද අද ඉදලා , ආදරේ ,පිළිගැනීම, ගෞරවය , හීනයක් විතරක් උන ' සියනු මන්වීර් ' කතාව .

.

.

.

.

.

.

          ***මතුසම්බන්ධයි ***

හායි ...

ඔක්කොම අස්සෙ තව එකක් නේ.

මේක ෆෙම්බෝයි එකක්. අකමැති නම් කියවන්නෙපා හොදේ.

සියනු මන්වීර් ට නම දැම්මෙ ෂෙනුන් අයියා .
shenun  තැන්ක් යූ...

මේක ගොඩ කාලෙකට කලින් ලියන්න හිටපු එකක් .. ඒත් මගදි අත ඇරියා . දැන් ආයෙ දාන්න හිතුනා . ගොඩක් දිග කතාවක් නෙමේ. ඉක්කන්ට ඉවර කරනවා.

බායි.

Angel.

තොල් සායම් [ FEMBOY × BOY ]Where stories live. Discover now