3 කොටස

565 86 107
                                    


"වේ#ගේ පු# උබ පොන්නයෙක්ද ...
අපේ පවුලට දැලි ගාන්න උබ වගේ එකෙක් ඉපදුනේ කොහොමද අපිට. උබට ලැජ්ජා නැද්ද ගෑනියෙක් වගේ හැසිරෙන්නෙ. වේ# බ#ලා "

ස්කෝලෙ ඉවර වෙලා යන්තම් අද දවසත් අර ස්කෝලෙ ඉන්න නසරාණි ළමයින්ගෙන් බේරුණා කියලා සතුටෙන් ගෙදර ආපු මට තාත්තාගෙන් අත පුරවලා කනේ පාරක් එක්කන් ඔය වගේ වචන ටිකක් තමයි ගෙට ඇතුල් වෙන්නත් කලින්ම අහන්න ලැබුණේ.
' දෙයියනේ එයලත් දැන ගෙන.. මන් මොකද්ද කරන්නෙ ? ' එක පාරට හෙනයක් ගැහුවා වගේ මේ උන දේ එක්කන් තාත්තාට කියන්න දෙයක් හොයා ගන්න බැරුව මන් වචන ඇහිළුවා.

" තාත්තෙ මන් හිතලා එහෙම කරන්නෙ නෑ. අනේ මට සමාවෙන්න. සමාවෙන්නකෝ තාත්තේ."

මන් තාත්තගේ කකුල් දෙක ලග අඬා වැටිලා ඒහෙම සමාව ඉල්ලුවා. ඒත් මට සමාව වෙනුවට ලැබුණේ එක දිගට පපුවටයි බඩටයි උරහිස් වලටයි පයින් පාරවල් ටිකක්.

" නවත්තපන් ඔය ගෑනියෙක් වගේ අඩන එක . උබට පිරිමියෙක් වගේ ජීවත් වෙන්න බැයි නම් පලයන් මෙහෙන්."

තාත්තා එහෙම කියලා කෑගහද්දි මන් ඇස් ලොකු කරන් අම්මයි තාත්තයි දිහා බැලුවෙ මේ වෙලේ මන් කොහෙ යන්නද කියලා.අම්මා තාමත් වචනයක් වත් කතා කරේ නෑ . එයා ඔහේ අහක බලාගෙන අඩනවා. අනේ දෙයියනේ මන් මොනවා කරන්නද.. ඇයි එයාලා මට මෙහෙම කරන්නෙ. මේ මන් ඉපදුනු විදිය.

" තාත්තෙ ප්ලීස් මාව තේරුම් ගන්නකෝ ටිකක්. ඒ මගේ හැටි. මන් ඉපදුනු විදිය . හිතලා කරන්නෙ නෑ "

මන් ඒහෙම කියලා තාත්තා ඉස්සරහා බැගෑපත් උනා. අම්මා අඩු තරමේ බලන්නෙවත් නෑ මන් දිහා.

" ඒ කියන්නෙ උබට අපි කියන විදියට ඉන්න බෑ කියන එකනේ. බැහැපන් එලියට ඒ ගෙදරින්. උබට තවත් මෙහෙ ඉන්න බෑ. උබ මගේ ළමයෙකුත් නෙමේ. මට ලොකු පුතා කියලා එකෙක් හිටියේ නෑ . දැන් පලයන් යන්න මගේ දෑහට පේන්න වත් එන්න එපා. "

එහෙම කියලා තාත්තා බෑග් එකකට ඔබපු මගේ බඩු ටිකත් ගෙදරින් එලියට විසි කරා . මට තවත් කතා කරන්න ඕනෙ උනත් තාත්තා පපුවත් අල්ලගෙන ඉදගත්තා. එයා හාට් පේෂන්ට් කෙනෙක්. මට දෑහට පේන්න එපා කියලනේ කියුවෙ. මන් හිටියොත් තවතරහ යයි එයාට . මට තාත්තා ගැන බය හිතුනා .ඒ නිසා මන් ගෙදරින් එලියේ ඉදලම අම්මටයි තාත්තාටයි වැදලා බෑග් එකත් අරන් ගේට්ටුවෙන් එලියට එන්න ආවා. මගේ මල්ලිත් ගෙදර උඩ තට්ටුවේ එයාගෙ කාමරේ ජනේලේන් හොරෙන් බලන් හිටියා . ඒත් මාව දැක්ක ගමන් ඉක්මනට හැංගුණා . දෙයියනේ හැමෝටම මාව දැන් බෝවෙන රෝගයක් තියෙන එකෙක් වගේද පේන්නෙ. මට තවත් එතන ඉන්න බැරි නිසා මන් පාරට ආවා. ' දැන් කොහෙද යන්නෙ ?'

තොල් සායම් [ FEMBOY × BOY ]Where stories live. Discover now