2 කොටස

749 95 217
                                    

කලින්ම කියුවා වගේ මන් සියනු මන්වීර් .

ආදරේට මට කට්ටිය කියුවෙ සිනූ කියලා.
කට්ටිය කියුවට මහ ගොඩක් හිටියේ නෑ මට කියල. එක්කෙනයි හිටියෙ දුකට සැපට . ඒ ආරණ්‍යා . මගේ හොදම වගේම එකම යාලුවා.

ආරණ්‍යයි මායි යාලුවෝ උනේ ස්කෝලෙදි. මන් වගේ කෙනෙක්ට සාමාන්‍ය ලමයෙක් වගේ ස්කෝලෙ යන එක ලේසි නෑ. ඒත් මට යන්න උනේ එහෙම.

ඔව් මන් වෙනස් අනිත් අයට වඩා . මන් ඒක දන්නවා. මන් ෆෙම් බෝයි කෙනෙක් . කොල්ලෙක් වෙලා ඉපදුනාට මට දැනෙන්නෙ මන් කෙල්ලෙක් කියලා. මන් ආස කළා අනිත් ගෑනු ලමයි වගේ අදින්න , මේකප් කරන්න , ලස්සනට ඉන්න. ඒක තමයි මගේ ලස්සන ජීවිතේට හෙනයක් උනේ.

මන් වෙනස් කියලා මට මුලින්ම තේරුණේ මට අවුරුදු 10 විතර වෙද්දි.මොකද මන් කවදාවත් කොල්ලො කරන සෙල්ලම් වලට කැමති උනේ නෑ. ස්පෝට් කරනවා තියා පිට්ටනිය පැත්තේ වත් යන්න මන් කැමති නෑ. ඒත් මගේ වයසෙ අනිත් කොල්ලො ඉන්ටවල් එකක් හම්බෙකම් ඇගිළි ගැන ගැන හිටියේ පිට්ටනියට දුවන්න. උන් එක්කන් සෙල්ලම් කරන්නැ කියලා කොන් උන වෙලාවල් ඕනි තරම් තිබ්බා. ඒත් මොකක් හරි බොරු ලෙඩක් දාලා පන්තියට වෙලා ඉන්න මන් ආස කරා.

දෙවෙනියට මන් තවත් වෙනස් කියලා තේරුනේ අවුරුදු 13 දි. කොල්ලො කුනුහරප කියද්දි මට කුනුහරප කියන්න බෑ.
උන් එක්කන් කුනුහරපෙන් බැනගෙන වලි වලට මම යන්නෙ නෑ. සෙක්ෂන් එකේ පන්ති පන්තිවල කොල්ලො පොඩි දේටත් ගහ මරා ගද්දි ඒ වලි වලට ආවෙ නෑ කියලා දෙපිලෙම කොල්ලො මට 'ගෑනුත් එක්කන් පන්තියට වෙලා හිටපන් ' කියලා බැනපු වෙලාවල් තිබුණා.

තවත් මට මගේ වෙනස හන්ගන්න බැරි උනේ අවුරුදු 15 ක් වෙද්දි . ඒ කාලෙ අපි සාමාන්‍යයෙන් ලොකුයි. අනිත් කොල්ලොන්ගෙ කටහඩ ගොරෝසු වෙලා . අවුරුද්දකට කලින් එක ගානට හිටපු කෙල්ලො කොල්ලො දැන් කොල්ලො කෙල්ලොන්ට වඩා අඩි ගනන් උස ගිහිල්ලා. වෙනස මන් එහෙම නෑ. මගේ කටහඩ ඩීප් උනේ නෑ. මන් මහ ලොකුවට උස ගියෙත් නෑ. අනිත් කොල්ලොන්ගෙ පපුව හරියට විතර උසට ඉද්දි මට වැලලෙන්න හිතුනා හැබැයි. ලොකුම දේ උන් කෙල්ලොන්ව දාගද්දි මට කෙල්ලොන්ට එහෙම ආකර්ෂනයක් නැති එක. ඒ වෙනුවට කොල්ලො පිට්ටනියට යද්දි දැන් කෙල්ලොත් එක්ක පන්තියේ ඉන්න බැරි නිසා පිට්ටනියට ඇවිත් සෙල්ලම් නොකර හෙවනේ ඉදන් ඉද්දි සෙල්න් කරනවා දැකපු ලොකු අයියලා දිහා මන් වැඩිපුර බලනවා කියලා නොතේරුණා නෙමේ.ඒත් මට ගොඩක්ම අමාරු උනේ නොදැනුවත්වම මගෙන් ගෑනු ගති එලියට එන එක.

තොල් සායම් [ FEMBOY × BOY ]Where stories live. Discover now