4 කොටස

851 100 78
                                    


එක පාරටම ඩිෆෙන්ඩර් එකේ ලයිට්ස් ඔන් උනා.

" නැගපන් ඉක්මනට හුරතල් කර කර ඉන්න බෑ මට. "

ඩෙෆෙන්ඩර් එක ඇතුලේ හිටපු අයියෙක් කියල හිතන්න පුලුවන් හැන්ඩි පෙනුමක් තිබ්බ කොල්ල කෑ ගහද්දි මන් ගැස්සිලා ගියා.

"නැගහන් ඕයි ඉක්මනට මට බඩගිනිත් එක්ක "

මට පොඩි සැනසීමක් ගේන ගමන් ඩිෆෙන්ඩර් එකේ පිටිපස්සෙ ශීට් එකේ ඉදන් ඉස්සරහාට එබිලා කෑගැහුවෙ ආරණ්‍යා.

"ආ.. හා හා.. තැන්කිව් මේ රෑ ආවට "

මන් තැන්ක්ස් කරන ගමන් ආරණ්‍යාගේ එහා පැත්තෙන්ම ශීට් එකේ ඉද ගත්තා.ඉදගන්නවත් එක්කම මෙන්න මේ මනුස්සයා ස්ටාර්ට් කරන් යන්න පටන් ගත්තා. පුදුම කඩි කුලප්පුවක් නේ තියෙන්නෙ . තව ටිකෙන් ඔලුවක් කඩෙන් ගන්න වෙනවා වැදිච්ච පාරට.

"අයියෝ වද්ද ගත්තා නේද ඔලුව .. අයියා ටිකක් හිමින් යනවකෝ ."

ආරණ්‍යා මගේ ඔලුව  අත ගාන ගමන්  අයියට බනින්න පටන් ගත්තා. හුදෑඩේ.

"කට වහන් ඉන්නව නම් ඉදපන් නැත්තම් බැහැල පල මෙතනින්. උබ කියන කියන වෙලාවට විදියට යන්න එන්න මන් ඩ්‍රයිවර් කියලා හිතුවද "

ඒ පාර ආරණ්‍යාගෙ අයියත් පරල වෙලා බනින්න පටන් ගත්තා. ඩෙයියනේ ඩෙයියනේ . එයා වැඩ ඉවර වෙලා එන්න ඇත්තේ . පව්

" සොරී .. මං හින්දා කරදරේ නේ ඔයාලට. මට කතා කරන්න කවුරුත් මේ වෙලේ නැති නිසා මන් ආරණ්‍යා ට කතා කරේ."

මන් කියුවෙ බිම බලාගෙන. මට ඇඩෙන්න ඔන්න මෙන්න ඒ වෙලාවෙ. හරිම අසරණ කමක් දැණුනා .

" ඒ ගැන පස්සෙ හිමීට ගෙදර ගිහිම් කතා කරමුකෝ සිනූ. අයියේ කන්න මොනා හරි අරන් දෙන්නකෝ. සිනූටත් බඩගිනි ඇතිනේ දැන්. "

ආරණ්‍යා හරිම හොද කෙල්ලෙක් කොච්චර පිස්සු කෙලියත්. එයා හිමීට කතාව මාරු කරා කියලා මට නොතේරුණා නෙමේ. ඒත් මෙ උන දේවල් අයියා ඉන්න තැන මට කියන්නත් බෑ . හිමීට ආරණ්‍යාටම කියන එක හොදයි. මන් ගැන දැනගත්තොත් ආරණ්‍යාගෙ අයියත් සමහර විට මාව මෙතනම වාහනෙන් ඇදලා දාලා යයි.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 17, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

තොල් සායම් [ FEMBOY × BOY ]Where stories live. Discover now