එදා හවස ටේ ගියේ තාක්ෂණික අංශයේ හොස්ටල් එකට..දොරක් ඉස්සරහ නැවතුන ටේ වටපිට බලලා දොරට තට්ටු කරා.විනාඩි කීපයකට පස්සේ දොර ඇරියේ කඩවසම් තරුණයෙක්. නමුත් ඔහු කන්නාඩි පැළද සිටිය නිසා බැලු බැල්මට මෝඩ පෙනුමක් තිබ්බේ..
ජන්ග්කුක් නේද?මට ඔයාගේ උදව් ඕන..
ඔයා කවුද?පේන විදිහට විද්‍යා අංශයේ වගේ
ඔව් මම විද්‍යා අංශයේ.ඔයා ගැන මං අහලා තියෙනවා.මට ඔයාගේ උදව් ඕන.
දැන් බෑ යන්න මෙතනින්.
ජන්ග්කුක් කාමරේ දොර වහන්න ගියත් ටේ දොර වහන්න නොදි ඇතුලට ආවා.
ජන්ග්කුක් ටේව ගණන් නොගෙන එයා කර කර හිටිය වැඩේ පටන් ගත්තා.යුනි එකේ දැනටමත් දෙන්නෙක් මැරිලා ඔයා මෙතන ගේම් ගහනවද ජන්ග්කුක්?
මං වෙන මොනා කරන්නද මම NIS එකේ නෙමෙයිනේ වැඩ කරන්නේ..මොඩ කතා නොකියා යන්න මෙතනින්..
ජන්ග්කුක් මට උදව් කරන්න පීලිස්..ජිමින් දවස් දෙකක් තිස්සේ නෑ..මට උදව් කරන්න..
ජිමින් ..?මට බෑ යනවා මෙතනින්..
ජන්ග්කුක් කෑ ගහලා ටේව කාමරෙන් එළියට දැම්මා.ඇත්තටම ටේට ජන්ග්කුක්ගේ උදව් ඕනම වුනා.ජන්ග්කුක් කියන්නේ ටෙක් යුනිට් එකේ ඉන්න දක්ෂම ස්ටුඩන්ට්.ටේ ආයේ දොරට ගහන්න හදද්දිම දොර ඇරුනා.
මොකක්ද මගෙන් වෙන්න ඕන..
මට දැනගන්න ඕන ජිමින්ගේ වීඩීයෝ එකට සම්බන්ද අය ගැන..ප්ලීස්..එයාලාගෙයි ජිමින්ගේ අතුරුදහන් වීමෙයි මොකක් හරි සම්බන්ද---
ටේ කියලා ඉවර කරන්නත් කලින් ජන්ග්කුක් කාමරේ දොර ලොක් කරලා එතනින් ගියා.ජන්ග්කුක්ට රවලා ටේත් ජන්ග්කුක්ගේ පස්සෙන්ම ගියා.හවස දෙන්නම Library එකට ගියා.මුලු Library එකම පාලුයි..ජන්ග්කුක් කම්පියුටර් ඔන් කරලා ඒක බැලුවා විනාඩි 10 කට පස්සේ එයාට නම් ලිස්ට් එකක් ආවා.මෙතනින් කවුද ?
ටේ තමන්ටම මුමුණ ගත්තා.10,15,16 ට ඉන්න තුන් දෙනා..
මියුන්හෝ,යුන්බින්,හන්ජේ...ඒත් මෙ--
එයාලාගෙ දෙන්නෙක් තමා මැරුනේ...අනිත් කෙනා අතුරුදහන්..
ටේ කියන්න කලින් ජන්ග්කුක් කතාව සම්පූර්ණ කරා.