Chapter 7🐾️

447 106 4
                                    

මට ඕන මට විරුද්ධ වෙන මිනිස්සුන්ගේ මතක නැති කරලා දාන්න.පස්සේ ඒ මිනිස්සුන්ව මරලා දාන්න..හරියට ස්වභාවික මරණයක් විදිහට...දැන් ඔයත් ඔයාගේ යාලුවා ගාවට යයි..ආ තව කවුද අර කන්නාඩි කොල්ල..ටෙක් එකේ..ජන්ග්කුක්.. ඊළගට එයා..එයා එයි ඔයාලා ගාවට..

තමුසේ ලෙඩෙක්..තමුසේ මානසික ලෙඩෙක්..

ටේ කෑ ගහද්දි ටේගේ කම්මුලට ගහපු ප්‍රින්සිපල් කම්පියුටර් එකේ සිස්ටම් එක හදන්න ගියේ ටේ කෑ ගහන එකත් ගණන් නොගෙනමයි..

............
ජන්ග්කුක් විඩියෝ එක බලන්න උත්සහ කරද්දි එකපාරටම වීඩීයෝ එක පේන්න ගත්තා.

මේ මොකක්ද?මේ ඒ වීඩියෝ එක නෙමෙයිනේ?
ජන්ග්කුක් දැක්කේ කවුද මනුස්සයෝ දෙන්නෙක්ව....මූනූ පැහැදිලි නොවුන නිසා ජන්ග්කුක් තවත් ලං වෙලා බලනවා..ඒ එක්කම පැත්තෙන් තිබ්බ කොළපාට නම් දෙන තැඹිලි පාට වෙනවා ජන්ග්කුක් දැක්කා..

කවුද ජිමින් මේ?
ජන්ග්කුක් කම්පියුටර් එක දිහා බලන් කියෙව්වා.එයා දන්නවා ජිමින් එයා ලග ඉන්නවා කියලා .

ඒ එක්කම ඇහුනු කටහඩට ජන්ග්කුක් ගේ ඇස් ලොකු වුනා.

දෙවියනේ  ඒ ටේහ්‍යුන්ග්
ප්‍රින්සිපල් ගේ වියරු වැටුනු කටහඩ ඇහුන ජන්ග්කුක් ටේගේ නම කෑ ගහලා පුලුවන් ඉක්මනට ප්‍රින්සිපල් ඉන්න තැනට දුවන්න ගත්තා.දිගටම දිව්ව ජන්ග්කුක් ගේ කකුල් එකපාර දුවන්න බැරි වෙන්න නැවතුනා.ජන්ග්කුක් දන්නවා මේ ජිමින් ගේ වැඩ කියලා.ජන්ග්කුක් වටපිට බැලුවා.එයාගෙ ඇස් ගියේ පරණ බිල්ඩින් එක..ජන්ග්කුක් කලින් මේ බිල්ඩින් එක දිහා තුන් හතර පාරක් බලන් ඉදලා තිබ්බත් එයා ඒක ඇතුලට යන්න බය වුනා.ඒ නිසා ඒයා මෙච්චර කල් ඕකට නොගිහින් හිටියා.

මෙතනද ජිමින් ?
ජන්ග්කුක් අහද්දි එයාගේ හිර වුන කකුල් නිදහස්  වුනා.ඉක්මනට ඇතුලට යන්න හැදුවත් දොර ලොක් කරලා තිබ්බේ.ජන්ග්කුක් පයින් කීපපාරක්ම දොරට ගහද්දි දොර කැඩුනා.එයා ඇතුලට යද්දි දැක්කේ ඇද උඩ අසිහියෙන් දගලන ටේහ්‍යුන්ග්ව.මොකද දැනටමත් ප්‍රින්සිපල් ටේව එයාගේ පරීක්ෂනේට යෝදාගෙන තිබ්බ නිසා.ජන්ග්කුක් එතනට ආවා දැක්ක විද්‍යා සර් මේස උඩ තියෙන ගන් එක ගන්න යනවා දැකපු ජන්ග්කුක් සර්ව නවත්තලා සර්ට ගහපු පාර සර්ව බිම වැටුනා.ඊළගට ප්‍රින්සිපල් ගාවට ගියපු ජන්ග්කුක් ප්‍රින්සිපල්ට ගහන්න යද්දිම වෙඩි සද්දයක් ඇහුනා.ඒ වෙඩි සද්දේට හිමිට ඇස් ඇරපු ටේ දැක්කේ ජන්ග්කුක් ගේ ඉණ කෙලවරේන් ලේ වැක්කෙරෙනවා.

High Five Where stories live. Discover now