ජන්ග්කුක්ට එකපාරට සිහිය ආව නිසා එයා වටපිට බැලුවා.එයා හිටියේ පුස්තකාලයේ කම්පියුටර් එක ඉස්සරහ.එයා දාඩිය පෙරන් හිටියේ.ඔලුවට අතක් තියාගෙන එයාගේ රිදුම් කන ඔලුව පිරිමැදගත්ත ජන්ග්කුක් ස්ක්‍රින් එක දිහා බැලුවා.ඒකේ තිබ්බේ ජිමින් ගේ ෆේස්බුක් එකවුන්ට් එක..මීට ටික වේලාවකට කලින් ජන්ග්කුක් පුස්තකාලයට ආපු ගමන් ස්ක්‍රින් එකේ ජිමින් ගේ එකවුන්ට් එක තියෙනවා තිබ්බ ජන්ග්කුක් එකපාරටම සිහිනැතුව වැටුනේ කවුරුහරි එයාට ගැහුවා වගේ දැනුන නිස...ජන්ග්කුක් ආයේ තමන්ගේ අවධානය වැඩේට දුන්නා.එයා අර වීඩීයෝ එක බලන්න උත්සහ කරා.එයා දන්න හැමදේම උත්සහ කරා.
ඒ අතරේ ..
ටේ ජන්ග්කුක් ට කෝල් කරේ වුන දේ කියන්න ඒත් ජන්ග්කුක් ෆෝන් එක ආන්සර් කරේ නෑ.ජන්ග්කුක් සිහි නැති වුන වෙලේ එයාගේ ෆෝන් එක බිමට වැටිලා ජන්ග්කුක් ගෙන් ටිකක් ඈතට ගිහින් තිබ්බා.වැඩේට අවධානෙකින් හිටිය ජන්ග්කුක් ට ඒයාගේ ෆෝන් එක ගැන චුට්ටක්වත් මතක තිබ්බේ නෑ.බැරිම තැන ටේ එතන තිබ්බ නම් ලිස්ට් එකකින් එයාලාගේ විද්‍යා අංශය භාර සර්ට කතා කරා.ප්‍රින්සිපල්ට සිහිය එද්දි තමන්ගේ ඉස්සරහ හිටිය ටේව දැකලා ප්‍රින්සිපල් කලබල වුනා.
ටේහ්‍යුන්ග් මං කියන එක අහන්න මම හැමදේ--
ප්‍රින්සිපල් මුකුත් කියන්න කලින් ප්‍රින්සිපල්ම කතාව නවත්තලා බිම ඉදන්ම දැගලුවා.මොකද එයා දැනගත්තා එයාගේ අත් කකුල් ගැටගහලා කියලා.ටේ මේවා ලෙහන්න..මම විස්තර කියන්නම්..
ප්‍රින්සිපල් කියන දේ කනකට ගත්තෙ නැති ටේට ඇහුනේ දොරට ගහන සද්දේ..
ටේ ඉක්මනට ගිහින් දොර ඇරියා.විද්‍යා අංශ සර්ව දැක්ක ටේට සැනසුම් සුසුමක් පිට වුනා.සර් සර් ආව එක හොදයි.සර් මේ මිනිහා තමා මිනිමරුවා අපේ ජිමින්ගේ..සර් ජිමින් නිකන් මැරුවෙ නෑ මෙයා මැරුවා..මගේ ජිමි---
ටේ සර්ට පිටුපාලා ප්‍රින්සිපල් දිහා බලන් කියවන් ගියත් එයාට ජිමින්ගේ නමේ කෑල්ලක් කියද්දි ඇග හිරි වැටුනා.හරියට...එයාගේ සර්ව එයාට අනතුරක් වගේ දැනුනා.ඒ එක්කම ටේ සර්ගාවට හැරෙද්දි අත දිග ඇරලා හම්බුන කනේ පාරට ටේව එහෙම්මම බිම වැටුනා..ටේට ටික ටික හැමදෙම බොද වෙන්න ගත්තා..බොද රූප අතරින් ටේ දැක්කේ ප්‍රින්සිපල් එක්ක එයා දිහා බලන් කතා කරන සර්ව..ටේගේ ඇහෙන් කදුලක් පිට වුනා..ටේ විහින්ම අමාරුවේ වැටුනා අන්තිමට..