" යුන්ගි ඔප්පා ආහ් මේක ගන්න "
" මොකද්ද "
එයා මට දුන්නේ ලියුමක් වගේ දෙයක් ඒක දිග ඇරලා බලපූ මන් දැක්කේ ඔඩිෂන් එකකට තිබුන ඇප්ලිකේශන් එකක් ඒක දැක්ක ගමන් ඇස් දෙකත් ලොකු කරලා මන් එයා දිහා බැලුවේ ඇයි මේක මට වගේ
" අයියෝ ඔයා ඒකට යන්න ඔයා ගොඩක් දක්ෂයි මෙතනින් නවතින්න එපා ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් . එහෙනම් ඔප්පා මන් යනවා හොදට හිතලා බලලා කරන දෙයක් කරන්න මෝඩ තීරණ නම් ගන්න එපා "
එයා එහෙම කිවුව එකේ මටත් නිකමට ගිහිල්ලා බලන්න හිතුනා ඉතින් එහෙම හිතාගෙන ගෙට් එකෙන් එලියට ගිහිල්ලා හයිස් ස්කුල් එක දිහා ආයෙත් හැරිලා බැලුවේ මේක මන් මෙතෙන්ට එන අන්තිම දවස නිසා.
තත්පර මිනිත්තු උනා මිනිත්තු පැය උනා පැය දවස් උනා දවස් මාස වෙලා දැන් මන් ට්රෙනි කෙනෙකුත් වෙලා මන් ළගදීම debut කරනවා කියලා කියද්දීත් මට හිතාගන්න බෑ. කොහොමහරි අපි debut කරා ගොඩක් මිනිස්සුන්ගේ ඇනුම් බැනුම් මැද්දේ හරි අපි ඒක කරා. අපේ බැන්ඩ් එක ඉතුරු හයදෙනා දවස් දෙකකට එයාලගේ ගෙදර ගිහින් එන්න ගියේ එයාලට මේ තැනට එන්න එයාලගේ දෙමව්පියෝ උදවු කරපු නිසා. මට මගේ දෙමවුපියෝ නම් උදවු කරේ නෑ ඒත් එක්කෙනෙක් හිටියා එයා තමා මගේ හීනෙට යන්න මට පාර කපලා දුන්නා කෙනා එයා අද නැත්තං මන් අද මෙතන නෑ.
එහෙම හිතුව මන් දේගු යන්න ගියේ එයාව හොයාගෙන මන් කෙලින්ම එයාලගේ ගෙදර තියෙන තැනට ගියත් මට එක පාරට දොරට තට්ටු කරන්න බෑ කියලා හිතුනා මොකද්ද මන් ද වෙනදා නැති මූසල ගතියකින් ඒ ගෙදර පිරිලා ගිහිල්ලා .
YOU ARE READING
Memento (Completed)
Fanfictionආදරය සාගවගත් තරුණයෙක් තනිකම දරගැනීමට නොහැකිව ජිවිතේ දුක් විඳින තරුණියක් ඒ දෙපලගේ දැවෙන හදවත් වලට සිසිල් සුළඟක් හමාවිද ?