Chapter 7 - Stay

605 152 64
                                    

     
          " දෙයියනේ කොහෙන්ද මෙච්චර කෑම? " කවුරුහරි කෑම කඩයක් වත් කැඩුවද? " හොබී ඇහුවේ කෑම මෙසේ ගොඩ ගහලා තිබුණු කෑම ගොඩ  දැකලා.

" ඒක අහන්න නම්ජුන් හ්‍යුන්ග් ගෙන්. එයා ගාව අඟක් තියෙනවා. ඒක ඇතුළෙන් තමයි මේ කෑම ඔක්කොම ආවේ " උත්තර දුන්නේ ජන්කුක්

" වැරදිලා කවුරුහරි ආවොත් හිතයි අපි ගවේශණය කෙසේවෙතත් ට්‍රිප් එකක් යනවා කියලා " ටේ කීවේ හිනාවෙවී.

" මොකක්ද මේ ජන්කුක් කියන අඟ එතකොට? "

ඒත් එක්කම ජින් තමන්ගෙ ගමන් මල්ල ඇතුළෙන් එළියට ගත්තෙ අඟක් වගේ දෙයක්.

" මේක අචිලස් කියන ගංගා දෙවියන්ගෙ අඟක්. ( නම නම් හරිද මන්දා ) මේ අඟ ගලවගත්තේ හර්කියුලිස්. මේකට කියන්නේ කෝනුකෝපියාව කියලා. සිතූ පැතූ සම්පත් ලබා දෙනවා මේකෙන්. මගෙ මිත්‍ර්‍යා හර්කියුලිස් ගෙන් ලැබුණු තෑග්ගක් මේක.

( Heros of Olympus කියවපු ඈයො මේක දන්නවා. පයිපර් ගාව තිබුණේ )

" මේ කාලා ඉමුද? මම මේ රෑ ඇහැරලා ආවේ එක එකාගෙ අඟවල් ගැන ඉගෙන ගන්න නෙවේ " යුන්ගි කියද්දි එයාට හරහට මොකක් හරි කියන ජිමින් කට ඇරියත් නම්ජුන් ගේ මූණ දැකලා ජිමින් කට වහගත්තා.

" කොහොමහරි කමක් නෑ. දැන් හැමෝම කාලා ඉන්න " හැමෝම නම්ජුන් ගෙ බසට අවනත වුණේ බඩගින්නේ හිටපු නිසා. හැමෝටම කලින් කෑම මේසෙන් නැගිට්ටේ ජන්කුක්. එයා නිදා ගන්න ගියාට පස්සෙ කතා කළේ ජින්

" මේ මේක මට හිතෙන විදිහ වෙන්නත් පුළුවන්. ඒත් ජන්කුක් මොකක් හරි ප්‍රශ්නයක ඉන්නෙ කියලා ඔයාලට හිතෙන්නෙ නැද්ද? එයා හරියට බය වෙනවා. "

" ඔව් හ්‍යුන්ග්, මාත් ඒක දැක්කා. එදා මගෙ අත තුවාල වුණු වෙලේ එයා මං ගාවට ආවෙ නෑ. බිම ඉදගෙන අඩන්න පටන් ගත්තා.අනික හොබී හ්‍යුන්ග් ලේ බොනව කියලා බය වුණු හැටි "

" අපිට කිසි දෙයක් නොදැන එයාට උදව් කරන්න බෑ. අනික මෙතන රහස් හංගන තව අය ඉන්නවා. අපි අතරෙ විශ්වාසය වර්ධනය වෙනකම් ඉවසලා ඉමු. ඒත් ඒ එක්කෙනෙක් වත් අපිට විරුද්ධව වැඩ කරන්නෙ නෑ කියන්නත් මම දන්නවා. " නම්ජුන් කියද්දි හැමෝම පුදුම වුණා. ඔහුට පුළුවන් වුණා ඕනම කෙනෙක් හරියට අධ්‍යනය කරන්න. ඒක නායකයෙකු සතු විශිෂ්ඨ ලක්ෂනයක්

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now