" අනේ හියොන්ග්ලා ඇවිල්ලා. " පිටිපස්සෙන් ඇහුණේ ජන්කුක්ගේ හුරතල් කටහඩ " නූනා එහෙනම් මෙයාලට සලකලා ඉමුකෝ "
" අනේ ජන්කුකී යන්‍තම් ඔයා ඉන්නවා " ටේ කීවේ සෑහීමට පත්ව.
" මම හිතුවෙ ඔයාලා කලින් එයි කියලා. කෝ ඔයාලා පරක්-" ජන්කුක් එක තැන ගල් ගැහුණා.
" යු- යු- යුන්ගි හියොන්ග්. ඔයා කොහොමද? අනේ ඔයා ඉන්නව නේද? "" ඔව් කුකී. මම ඉන්නවා. අනික මම කොහොමද ඔයාව දාලා යන්නේ? " යුන්ගි කීවේ තරහ අමතක කරලා අවංකව හිනාවෙන ගමන්.
" අනේ මගෙ හියොන්ග්." ජන්කුක්ගේ අහිංසක ඇස්වලට ආපහු කඳුළු ආවේ යුන්ගි හියොන්ග් දැකපු සතුට වැඩිකමට. එයා එහෙමම දුවලා ගිහින් යුන්ගිව වැළඳ ගත්තා. " අනේ හියොන්ග් ආයේ එහෙම කරන්න එපා. මම ගොඩාක් බයෙන් හිටියේ. මම ගොඩක් ඇඬුවා." ජන්කුක් කීවේ අඬ අඬමයි.
" හරි හරි පොඩ්ඩෝ. මම දැන් ඉන්නවනේ. අපි දැන් යමුකො ආපහු. " යුන්ගි ඉදගෙනම ජන්කුක් ගෙ ඔළුව අතගෑවේ යදම් යෝදා තිබුණු අත් වලින්. ජන්කුක් ගෙ අහිංසක සතුට දැක්කම කණ්ඩායමටම එයාලා මුහුණපාලා ඉන්න අනතුර ටිකකට අමතක වුණා.
" පොඩ්ඩක් ඉන්න. ඇයි මේ හියොන්ග්ලාට දම්වැල් දාලා තියෙන්නේ. අනික ජිනී හියොන්ග් ඔළුව වහගෙන ඉන්නෙ ඇයි? "
" බයවෙන්න එපා කුකී. ඒක පොඩී වැරදීමක්. ජැක්සන් හියොන්ග් හිතලා තියෙන්නෙ ඒ නපුරු අය කියලා. " සිංහාසනය උඩ සිටි තැනැත්තිය ජන්කුක් ට ආමන්ත්‍රණය කළේ ආදරණීය හඬකින්. හැමෝගෙම අවධානය ඇයවෙත් යොමුවෙද්දි ඇය සැරසී සිටියේ වෙනස් ඇදුමකින්. ඇගෙන් දිස්වුණේ සාමකාමී පෙනුමක්.
" ආහ් ඒකනේ. එහෙනම් නූනා එයාලව ලෙහන්නකෝ. මහන්සි ඇති හොදටම " ජන්කුක් කීවේ නූනගෙ අත අල්ලගෙන හිනාවෙන ගමන්.
YOU ARE READING
𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY ] || ✔
Fantasy☯ ග්රීක රෝම දෙපාර්ශවයේ අර්ධ ලෝහිතයෙක් ☯ ස්වභාව දහමට විරුද්ධ ආදරයේ උපතක් ☯ අග්නියෙන් සංකලනය වූ වෘකයෙක් ☯ දහවල සැරිසරනා ලෝහිත කුමරෙක් ☯ අදුරෙන් උපන් පිරිසිදු හංස ආත්මයක් ☯ අශුද්ධ ආත්මයක් සහිත සුරදූතයෙක් ☯ විරුද්ධ පෞරුෂයන් දෙකක මකර ආත්මයක් විශ්වයේ ස...