Chapter 9 - Truth Untold

638 137 123
                                    

" අපිට පහර දෙනවා. ඒ ඒ මකුළුවෝ " හොබී කීවේ වෙව්ලන ගමන්. නැව ආපහු ගැස්සුණා.

" අර ඇබිත්තන් කූඹින්ට බයේ ද ඔය හියොන්ග් වෙව්ලන්නේ? " ටේ ඇහුවේ පුදුමයෙන්.

" නෑ. එතන එකෙක් ඉන්නවා. ඌ නැව තරම් ලොකුයි. කාන්තාරෙ පුරාම මකුළුවො ලක්ශ ගාණක් ඉන්නවා " හොබී කීවේ තාමත් බයේ වෙව්ලන ගමන්.

" අපි නැව බේරගන්න ඕනි. කට්ටිය ම සමබරව ඉන්න බලන්න. " නම්ජුන් කීවත් සමබරතාවය රැක ගන්න පුළුවන් වුණේ ජන්කුක්ට විතරයි.
( කොල්ලා දස්සයා )

" ජන්කුක්, හයියෙන් විසිල් කරන්න. පෙගසස්ව ගෙන්නන්න. එතකොට ටේ ජිමින් දෙන්නා, ඔය දෙන්නා පියාඹන්න ලෑස්ති වෙන්න. ජින්ට පාවෙන්න පුළුවන් නේ. ජිමින් යුන්ගිව ගන්න. ටේ හොබීව ගන්න " ඒත් එක්කම හැප්පි හැප්පි කැබින් එකට පිවිසුණේ පෙගසස්. " ජන්කුක් නගින්න එයාගෙ පිටට. මාවත් ගන්න. ඊටපස්සේ හැමෝම යමු එළියට "

" ඒත් හියොන්ග්... " ජිමින් අදි මදි කළෙ යුන්ගිට මූණ දෙන්න බැරුව හිටපු නිසා

" මම කැමති නෑ කවුරුවත් මාව අල්ලනවට " යුන්ගි කීවේ ආපහු බුම්මගෙන.

" මම නම් එළියට අඩියක්වත් තියන්නෙ නෑ. " හොබී කීවෙ ස්ථීරවම. " මකුළුවෝ නිසා මට විජලනය හැදෙනවා."

( විජලනය කියන්නේ මොකක්ද? )

" හැමෝම කියපු විදිහට කරන්වා" නම්ජුන් කෑ ගැහුවෙ සැරෙන්. " හොබී හිටපු දෙන් " හැමෝම නම්ජුන්ගේ අණට ක්‍රියාත්මක වුණත් ටේ පියාපත් දිගෑරියෙ නෑ. හොබීගෙ පිහිටෙන් ඔහු බේරුණා. සියල්ලෝම නැව් තට්ටුව මත විසිරෙද්දී පේන්න තිබුණු දර්ශනයෙන් ඔවුන්ට දෙවියො සිහි වුණා.

" දෙවියනේ උගෙ ලොකු !!! මුලින්ම හීල්ලුවේ ජන්කුක්

" මම හිතුවේ අරාක්නි කියලා" පිළිතුරු දුන්නේ නම්ජුන්.
( අරාක්නී එහෙම නැත්තම් ඇරැච්නී කියන්නේ මිනිස් ඔළුවක් තියෙන ලොකු මකුලිවෙක්. මේ එයා නෙවේ )

" නෑ මේ අර harry potter එකේ කැළේ ඉන්න ලොකු මකුළුවා " ටේ කීවෙ ජයග්‍රාහි ලෙස. රට පටලවාගත් යූන්කුක් ඩබල ටේ දෙස බැලුවේ WTF? යන අර්ථයෙන්.
ඒත් එක්කම වගේ මකුළුවා ඇලෙන සුළු යමක් විද්දා.

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now