chapter 11❤️

222 57 6
                                    

Homy's pov


යුනි යන්න කලින් ඇහැරිලා මං කුස්සියට යන්න ගියේ කන්න මොනාහරි හදන්න. එතකොටම මන් දැක්කෙ පඩිපෙළ බැහැගෙන එන හොරු හතර දෙනෙක්. වෙන කවුද ඉතින් අපේ මලයයි ජිමිනයි ටේයි කුකියයි. හිකි හිකි ගගා එන විදිහට නම් මොකක් හරි කුප්ප වැඩක් කරලා 🤨.

🐰 මේ හ්‍යොන්ග්.......හෝමි නූනා බනින්නේ නැති වෙයි නේ?

🐛 පිස්සුද බං. අපේ නූනා මොනවත් කියන්නෑ.

🌹 මොකෝ මේ හතර කට්ටුව? ඇයි ජින්ගෙ කාමරේ පැත්තේ ගියේ??

🐶 නූනා ගිහින්ම බලන්නකෝ 😏.

හතර දෙනාගෙම මූණ දිහා ආපහු බලලා මං ජින්ගෙ කාමරේට යන්න ගියා. පඩිපෙලේ භාගයක් යද්දීම එකපාරටම ඇහුන යටිගිරියෙන් කෑගහන සද්දෙ නිසා මං දුවගෙන දුවගෙන ගියේ අර මනුස්සයා මැරිලද බලන්න. මට මුන් ටික සතයක්වත් ෂුවර් නෑ 😐.

🌹 ජින් මොකෝ කෑගහ-.........🤣🤣

ජින් හිටියේ කබඩ් එක උඩ නැගලා. ඒ මදිවට මේසේ උඩ තිබුන ෆෑන් එකත් අරන්.🤣

🦋 හෝ.....හෝමි.....අ..අර...අර.....

ජින් බිම පෙන්වනවා. ඇයිද බලන්න මාත් කබඩ් එක ඉස්සරහ බිම බැලුවා. හපොයි පතාර මකුළුවෙක්. උගේ සයිස් එක දැකලා මටත් බය හිතුනා.

🦋 අ....අනේ හෝමි.....මූව අයින් කරන්නකෝ 😣........ මං උදේ නැගිටිද්දී මූ හිටියේ මගේ කොට්ටේ එහා පැත්තේ. මං කබඩ් එක උඩට නැග්ගට පස්සේ ඌ මෙතනටත් ආවා 😣......... අනේ මූව අයින් කරන්නකෝ........

දැන්නේ තේරුණේ.........අර නසරාණි හතර එකතුවෙලා මකුළුවෙක් දාලා 🤣. මට තියෙන පුදුමේ මූව අල්ල ගත්තෙ කොහොමද කියලා 🤣.

ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනි නිසා මං හිමීට ෆෝන් එක අරන් ජින් ගිරිය කඩාගෙන කෑගහනවා චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා 🙂. පසු කාලීනව ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙයි. අම්මෝ....... ජින් ජාතික වීරයා වගේ හිටියට පට්ට බයයිනෙ 🤣🤣.

මන් ජින්ගෙ ශර්ට් එකක් මකුළුවා උඩින් දාලා අල්ලගෙන ජනේලෙන් එළියට දැම්මට පස්සේ තමයි ජින් බිමට බැස්සෙ. මන් ආපහු මකුළුවා අල්ලපු ශර්ට් එක දෙද්දිත් ජින් කෑ ගැහුවා 🤣.

🤍Masked Lover🤍KSJ🤍 (Completed)Tahanan ng mga kuwento. Tumuklas ngayon