💙💜️කියාරා💜️💙මම කියාරා. වයස අවුරුදු 21යි. මම තමයි අපේ පවුලේ එක ම ළමයා. එකා යකා කියලා අම්මා නම් කියන්නේ.🤐
මගේ අම්මා ලංකාවේ. මගේ තාත්තා කොරියාවේ . අම්මයි තාත්තායි මීට් වෙලා තියෙන්නේ කොරියාවේදි 💑 .ඒක ඉතින් පැය ගානක් රස කර කර කියන්න පුලුවන් ලව්ස්ටෝරියක්. අම්මයි තාත්තයි මැරි කරාට පස්සෙ පදිංචිය ලංකාවේ . ඉතින් මට සිංහල වගෙම කොරියනුත් හොදට පුලුවන් .
තාත්තාගේ ඔම්මයි අප්පයි නැතිවෙලා තියෙන්නේ එයාට වයස 15දී. මම අම්මට අම්මා කිව්වාට තාත්තාට අප්පා කියන්නේ .
අපි පදිංචිය ලංකාවේ උනාට වැකේශන් වලට නිතරම කොරියාවට යනවා. ඒත් මේ පාර අපි නවතින්න ම කොරියාවට යනවා. ඒකට හේතුව මම .
මගේ අප්පා ඩොක්ට කෙනෙක්. එයාට ඕනෙ මාවත් ඩොක්ට කෙනෙක් කරන්න. ඒ උනාට මගේ ඇග පුරාම දුවන්නේ මියුසික් 🎤🎶මම කැමති වෙස්ටන් මියුසික් වලට. ලංකාවේ මියුසික් වලටවත් kpop වලටවත් මගේ වැඩි කැමැත්තක් නෑ . ඇත්තටම කිව්වොත් කොහොමත් කැමති නෑ. මං කවදාවත් අහන්නෙත් නෑ.
අප්පා මාව ලංකාවේ මෙඩිකල් කොලෙජ් එකකට දැම්මේ මීට මාස 6කට කලින්. ඒත් මම හැමදාම කොලෙජ් එකේ පිස්සු නැටුවා. 😏 මටම හරියන නසරානි යාලුවො සෙට් එකකුත් හිටියා. කියන්න සතුටුයි කොලෙජ් එකේ හිටපු එපාම කරපු කෙල්ල මම .😇😇
ඉතින් මාව තවදුරටත් තියාගන්න බෑ කියලා කොලෙජ් එකෙන් අප්පාට කිව්වේ මීට මාසෙකට කලින්. දැන් මාසයක් තිස්සේ උදේ හවස ඒකට අම්මාගෙන් බැනුම් අහන එක මට පුරුද්දක් වෙලා.මාව ලංකාවේ තියාගෙන බෑ කොරියාවට යවන්න ඕනෙ කියලා අප්පා තීරණය කරේ මීට සති දෙකකට කලින්. ඒත් මාව තනියම යවන එකට අම්මා විරුද්ධ වුනා. ඒ නිසා සිය පවුලම කොරියාවට යන්න තීරණය කරා.
අප්පා සෝල් වල හොස්පිට්ල් එකකට ට්‍රාන්සර් එකක් හදාගන්න ට්‍රයි කරත් බැරිවුණා . ඒ නිසා ඩේගු වල හොස්පිට්ල් එකකට ට්‍රාන්සර් එක හදාගන්න පුලුවන් වුනේ .
YOU ARE READING
Kiyara (කියාරා)
Fantasy💙💜️කියාරා💙💜️ ලංකාවේ ඉඳලා අම්මයි තාත්තයි එක්ක කොරියාවට ආපු දඟකාර කියාරා. තාත්තගේ පුංචි කාලෙ ගෙවුන ලස්සන ගම. කැළෑවකට මායිම්වුන කියාරගේ අලුත් නවාතැන. අගුලුදාලා තියන කාමරයක්. කියාරාට අහම්බෙන් හම්බවුන මුද්ද......💍 අගුලු දාපු කාමරේ මෙච්චර සීතල ඇයි...