Park Jimin
මේ ඉන්නෙ PJM GROUP OF COMPANY එකේ අනාගත අයිතිකාරයා. මෙයා ගොඩක් කඩවසම් වගේම තමන්ට ඔනි දේ හිතුමනපෙට කරන කෙනෙක්. අවුරුදු 19දි මෙයාගෙ අප්පා මෙයාට company එක බාර කරනවා.මෙයා business management වලට එච්චර කැමති කෙනෙක් නෙමෙයි.ඒ වුනාට තමන්ගෙ ඔම්මා අප්පා කියන දේවල් වලට විරුද්ද වෙන්න යන කෙනෙකුත් නෙමෙයි.ඒ තරම් තමන්ගේ පවුලේ අයට ආදරෙයි.මෙයාට පොඩි කාලෙ ඉදන්ම හැම ජඩ වැඩකටම සපෝර්ට් කරන යාලුවෙක් ඉන්නවා.ඒ යාලුවා එක්කයි යලුවගේ පවුලේ අය එක්කයි විතරයි මෙයා ගොඩක් ෆිට්. මෙයාට ඉන්නවා එක කුස උපන් නන්ගි කෙනෙක්.මෙයා එයාට පන ඇරලා.ඒ වුනාට ඒක පෙන්නන්නෙ නෑ.කොයි වෙලෙත් දෙන්නා නයයි මුගටියයි වගේ.මෙයාට වැඩක් කරොත් ඒ දේ හරියට නීට් එකට තියෙන්න ඕනි.
Kim Taehyung
මේ ඉන්නේ අපේ ජිමින් කොල්ලාගේ එක කුස උපන් සහෝදරයා වගේ ඉන්න එයාගෙ යාලුවා.මුන් දෙන්නාම එකතුවෙලා තමයි හැම කුප්ප වැඩක්ම කරන්නේ.ටේ business management තමයි ඉගෙන ගත්තේ.ජිමින්ගෙ අප්පා එයාට company එක බාර දෙනකොට ජිමින් බෑ කියද්දි ටේ තමයි උදව් කරන්නම් කියලා ජිමිනව ඒකට කැමති කරව ගත්තේ.ඒක නිසාම ජිමින් ටේ ට company එකේ Excecutive director of the PJM group of company (විදායක අද්යක්ශක) කියන පට්ටම දුන්නේ. ජිමිනුයි ටේයි කියන්නෙ සෙල්ලක්කාර කොල්ලො දෙන්නෙක්.ඒ වුනාට දෙන්නම ටේ ගෙ අයියා කියන දේවල් අහනවා.ටේ ට පොඩි කාලෙ ඉදන්ම කෙනෙක්ට පොඩි කස් එකක් තියෙනවා.