ඉර මුදුන් වී හෝරා කිහිපයක් ගත වූ පසු ඇද හැලෙනෙ මේ හීන් පොද වැස්ස සෝල් නුවර තිබුනු ලස්සන තවත් වැඩි කරන්න සමත් වුනා.පිටතින් ඇද හැලෙන පොද වැස්සේ සද්දේ එක්ක තම සහෝදරියගේ කන්කරච්චලේ නිසා ජියෝන් ජන්කුක්ට නම් දැන් ඔලුව කකියන්න අරන් තිබුනේ. ජියෝන් නිවස කියන්නේ ගොඩක් සාමකාමී ස්ථානයක්.හැබැයි ඒ කෙනෙක්ගේ කට වැහිලා තියෙනකන් විතරයි.ඒ තමයි ජියෝන් ආයෝ..."යාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ඔප්ප්පාආආආආආආ"
"මිස් ජියෝන් ආයෝ..මන් කිව්වනේ තමුන්ට ජොබ් එකක් කරන්න බැහැ."
"ඔයා මේකත් මතක තියා ගන්න මිස්ටර් ජියොන් ජන්කුක්..ඔයා අකමැති වුනත් මන් ජොබ් එකක් කරනවා"
"ආයෝ මන් කිව්වා.මෙච්චර මේ සල්ලි තියෙද්දි මොකටද තමුසේ ජොබ් එකක් කරන්නේ කියනවකෝ.අනික් කෙල්ලෝ මේ ගෙදෙට්ට වෙලා ඉන්න ඔනේ කියද්දි තමුසෙ ගෙදර ඉන්න බෑලු"
"සල්ලී තිබ්බා කියලා වැඩි වෙන්නේ නෑනේ ඔප්පා.අනික මන් ඔය වෙන වෙන හාල් කෑලි වගේ නෙමෙනේ.මට ඔනේ ජොබ් එකක් එහෙම කරල ආතල් එකෙ ඉන්න.ගෙදර ඉද්දි උදේ නැගිට්ට වෙලේ ඉදන් ආයි රෑ නිදා ගන්නකන්ම බලන්න තියෙන්නේ අපේ අජුම්මගේ මුන විතරයි.හත්තිකේ මට දැන් ඔය මූන දැකල එපා වෙලා"
"යහ්හ්හ්හ්හ්හ්හ් ඔවා ඇහුනොත් එහෙම තමුසෙට කන්න දෙන එකක් නැ යකොව් අජුම්මා"
"අනේ එයා දැන්නේ හැමදාම කිම්චිය හදන්න විතරයිනේ.තමුසෙත් කොහෙන් උස්සන් එන්න මරගාතද මන්දා"
"කොහෙන් ගෙනාවත් තමුසෙට මොකෝ."
"ඇයි ඇයි මමත් මේ ගෙදර ඉන්නේ.මේ ගෙදර මගේනේ"
"දෙනව බොට පයින්.."
"යහ්හ්හ්හ්හ්හ්හ් ඔප්පාපාපා 😩😩"
"ආයිශ් කන 🤪 .අද මීටින් එකක් තියේ ඔෆිස් එකේ.මන් එන්න හවස් වෙයි.ලන්ච් එකට එන්නේ නෑ හොදේ. පරිස්සමෙන් ඉන්නවා ගෙදෙට්ට වෙලා.මන් යනව බායි"
"හ්ම්ම් හ්ම්ම් ඔයත් පරිස්සමෙන් බායි"
හැමදාම වගේ මේ මහජනයාගේ අහින්සක ඉල්ලිම් වලින් ඔප්පා ජනාධිපති පැනල ගියේ අන්න එහෙම.ජොබ් එකෙන් පටන් ගත්තු රන්ඩුව කොහෙවත් ඉන්න අජුම්මෙක්ගෙන් ඉවර වුනේ මොන දේ උනත් මගෙයි ඔප්පගෙයි දෙන්නගෙම මූනූ වලට හිනාවක් ඉතුරු කරල.කා එකත් ස්ටාර්ට් කරන් වැස්සෙම යන ඔප්පා දිහා මන් බලන් හිටියේ දොරට හේත්තු වෙලා...