On my way

66 16 7
                                    

මම .....................,

මං අද හොඳ තැනක... මට සතුටුයි.. මට තරුණ කාලෙ ලොකු පිස්සුවක් තිබ්බා... සුඛෝපභෝගී ජීවිතයකට. දැන් හරි... මට ලැබෙනව ඒ ඔක්කොම...
ඒත් ...

මට ඕනෙ වුනේ මේක නෙවේ. මන් යන්නෙ මං කැමති වුන පාරෙ නෙවේ. මට ආයෙ හැරිලා වෙන පාරක යන්න ඕනෙ වුණත් දැන් පරක්කු වැඩී ..... කියලා හිතුන වාර එකක් දෙකක් කියලා මට ගණන් කරන්න බැහැ.

සමහර වෙලාවට අපි කියනවා ... 'ඔයා තවම පරක්කු නැහැ. තව කල් තියෙනවා . ඔයාට දිනන්න පුලුවන් ' ඔයවගේ කතා.

ඒත් ඇත්තටම සමහර දේවල් තියෙනවා. අපි ඇත්තටම පරක්කුයි...

අපි ජීවිතේ ගෙවන්නෙ එහාට මෙහාට හැරිච්ච දිගම දිග පාරක යනව වගේ. මැද්දෙන් අතු මාර්ග ගොඩක් තියෙද්දි එක එක්කෙනා එක එක පාරවල් තෝරගෙන යනවා. ඒකෙ ටික දුරක් ගිහින් සමහරු මගින් හැරෙනවා... සමහරු මග නවතිනවා.. සමහරු වෙන අතුරු මාර්ගෙක යනවා... සමහරු කට්ට කාගෙන ගිහින් මොන විදියෙන් හරි එයා හිතුව අවසානෙට යනවා.

මගෙ කතාව..
මන් එක මාර්ගයක් තෝරගත්තට පස්සෙ. මන් ආපහු හැරිලා මුලට යන්නත් බැහැ... මට ඒ වෙලාවෙ මඟින් හැරෙන්න වෙන අතුරු මාර්ගෙකුත් නැහැ. එක්කො මන් එහෙම වෙන මාර්ගෙකට හැරෙන්න හැදුවත්... මට ඒකට ඉඩ දෙන්නෑ...

ඒ... මගෙ නිදහසට කරුණු.

මං දේකට පරක්කු වුණාම. මට ආයෙ ඒ දෙ කරන්න වෙන්නෑ කියලා දැනුනම... මන් ඒකෙන් පැනලා යන විදිය..
...නිදහසට කරුණු.

නිදහසට කරුණු කියන එක දුර්වලකමක් . මන් එහෙමයි දැනන් හිටියෙ. ඒත්.. පටන් ගත්ත දවසෙ ඉදන් මගෙ ලගත් ඒ දුර්වලකම තිබ්බා.

නිදහසට කාරණා කියලා පැනලා යන බාල ගතිය. රටට ලෝකෙට... සිස්ටම් එකට වැරද්ද පටෝලා නිදහස් වුණා.ඇත්තටම කරන්න ඕනෙ ඒක නොවන බව ත් මන් දැනන් හිටියා.

කරන්න දෙයක් නෑ..  ඒ දුර්වලකම නැති කරගන්න ටික කාලයක් ගත වුනා.






හැමදාම අන්තිමට හිතේ ඉතුරු වෙන්නෙ එක ප්‍රශ්නයයි.
'මන් කරන්නෙ මට ඕනෙ මම ආස දේමද.... නැත්තන් කරන්න ඕනෙ දේද...'

තේරුනේ නැද්ද. සමහරවිට ආයෙ කියෙව්වොත් තේරෙයි. මට ඕනෙ දේයි... කරන්න ඕනෙ දේයි... දෙකක් ... නේ...?

'බොන්න ආසාවෙන් ඉන්න කෝපි එක හදාගෙන හරි නොබී...,හදලා තියන නිසාත් බොන්න ඕනෙ නිසාත්.. කොත්තමල්ලි එක අප්පිරියාවෙන් බොනවා වගේ.. '
හිනායන කතාවක් නේ.ඒත් තේරුන්නැත්තන්... මන් කියන්න දන්නෑ ඊට වඩා.

ඇත්තටම මන් හිතන අවසානය පේන්නෙ මොන පාරෙන් ගියාමද කියලා මන් දැනන් හිටියෙ නෑ. අපේ ආසාවන්.. ඒව වෙනස් වෙනවා නේ. කාලෙන් කාලෙට මොන ආසාවන් ආවත්... පොඩි කලෙ ඉඳන් හිත ඇතුලෙ හැඟිලා තිබ්බ ආසාවල් තියෙනවා.... මට තිබුණා.... ඕනෙ කෙනෙක්ටඇති. ඒත් මට මඟ ඇරුනා.. මාව මගඇරුනා.
මන් මාව තේරුම් නොගත්ත නිසා... මන් පරක්කු වුන නිසා... මට මන් යන්න ඕනෙ පාර මිස් වුනා.




හැබැයි එදා ප්‍රමාදය... මාව වෙන පාරකින් හරි මන් ආස කරන ජීවිතේ ලගට ගෙනාවා.

ඒත්... මට ඕනෙ වුණේ හැමදේම කරන්න.

මගෙ ආසාවල් ඔක්කොම එකතු කරන් මෙතනට එන්න.

ඒත්... ජීවිතේ මග ඇරුනු දේවල් තියෙනවනෙ. දැන් මන් ඒ දේවල් ගැන තැවෙන්නෙ නෑ..... ගිය දේවල් අද්දන්න බෑ.










ජීවිතෙ එක එක අතුරු පාරවල් හම්බවෙනවා... ඔයා යන්න ආසයි කියලා හිතන හැම පොඩි අඩි පාරකම හරි කමන්නෑ ගිහිල්ලා ජීවිතේට දෙයක් එකතු කරන් එන්න... ඔයාට දිගටම යන්න ඕනෙ ඒ පාරෙ නම් දිගටම යන්න.... ඔයා යන්න ඕනෙ ප්‍රධාන මාර්ගය පැහැදිලි කරගන්න. අවසානය කොච්චර ලස්ස්නයිද කියලා පේන්නෙ ටිකක් දුර යද්දි.




එකක් මඟ ඇරුනට...  මන් ඊට පස්සෙ මට ආස හිතෙන හැම පාරෙම ගිහිල්ල බැලුවා.....



කොහෙන් හරි... අද මන් අන්තිමට මෙතන.


🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

~ma...li...sha...🌻

BORN TALENT [Not A FanFic ]Where stories live. Discover now