සේකරයාණෙනි..
නුඹ ලීයූ සේ හැඩට
මෙකී පද ගළපන්න..
පද අතර තාල ගෙන..
කවි කතා පවසන්න
නොදන්නී
නොදන්නී
මා තවම නොදන්නී...කුසලාන හැඩ ගෙනෙන
නදී සේ ගලා යන..
හැඟුම් රැළි අතරතුර
ඔහේ පීනා යන්න...
නුඹේ මනරම් හැඩැති
වචන සේ පබදින්න...
මා තවම නොදන්නී..
කවියෙකුයි පවසන්න...හිත ඇතුළ රිදුම් දෙන
වේදනා අමුණන්න
කණමැදිරි එළියකින්
කවි ලියා සැනසෙන්න
මට බැරිය
මට බැරිය...
ඔබ ලෙසින්
පවසන්න...නිල්පාට ගිලගත්ත
මැදියමක හැඩවෙච්ච
මේ අඳුරු අහස් කුස
හෙට ඉරක් පායයි ද
ආලෝක ගෙන දෙමින්
පැතුම් එළි දල්වමින්
ඔබ කියූ සේ ලෙසින්
හෙට ඉරක් පායයි ද..නොමියනා දිනක් වෙද
රිදුම් පිරි හිතක් තුළ..
දිනෙන් දින මැළවෙමින්
පරවෙලා යනු නොවෙද..
ඔබ ඉන්න ඉසව්වක
නොමියනා සිතක් ඇති..
කෙනෙකු හෝ වෙතොත්
මට දන්වලා එවන්නෙද ...සිත්තරකු අතින් හැඳි
එක් රුවක් බොඳ වීය..
විමසනා අයෙක් නම්
තවම මුණ නොගැසීය..
හෙට ඉරක් පෑයුවත්
යළි කෙලෙස කියන්න ද
නොමියනා ලෙස ඉන්න
මෙමට අද නම් බැරිය..නුඹ ලීව එකින් එක...
කවි අතර තනිවෙන්න..
එකවියක පිපී ඇති
සුවද මල් සිපගන්න..
මියෙන මගේ හිත ඔබේ
කවි තුළින් පන දෙන්න..
මේ අකුරු අතර මම
මන් දකිමි තනිවෙච්ච...සමාවනු මැන මෙමට
නුඹෙ සෙයින් නොලීවට
නුඹ තරම් තව කෙනෙක්..
ඇති ද මෙහි කවි මවන...
රිදුම් දෙන මතක ගෙන
අකුරු අමුණා ලියන
සේකරය මට බැරිය..
කවියකුයි පවසන්න....
.
.
.
.
.
.
.𝑳𝒊𝒍𝒚 𝑲𝒊𝒎 🌺