Beauty And The Beast

128 23 17
                                    


After 2 months

දවස් ගෙවිලා ගියේ හරි ම ඉක්මනින් . ටේවයි ක්ලියෝවයි හොස්පිටල් එකෙන් discharge කරලා මාස දෙකකුත් ගත වුනා. ක්ලියෝනා නම් දැන් ක්ලචස් වල උදව්වෙන් ඇවිදිනවා. ටේහියුන්ග්ටත් බොහෝ දුරට සනීප වෙලා තිබුනේ. ගත වුන මාස දෙකටම dragon's gang එකේ වැඩ කටයුතු හරි විදිහට කරේ යූංගිගෙ මූලිකත්වයෙන් . කුකී , සැනී දෙන්නත් ඉන්න නිසා ක්ලියෝගෙ අඩුපාඩුවක් දැනුනෙ නෑ .. ඒත් ක්ලියෝ කොච්චර අසනීප පිට වුනත් gang එකේ වැඩ වලට ටික ටික හරි උදව් කරා. හැබැයි කෙල්ල ටේහියුන්ග්ව නම් ගනන් ගත්තෙම නැති තරම්. මොකද කියනවා නම් අසනීපකාරයො දෙන්නවම එක කාමරේකට ලෝඩ් කරන්න තරම් හොද හිතක් ජූන්ට පහළ වෙලා තිබ්බ නිසා.. හොස්පිටල් එකේ මදිවට ගෙදරත් එක කාමරේ හිටපන්කො.. හැබැයි ඉතින් පිටසක්වල ටේ කොල්ලා නම් කිව්වෙ එක ඇද වුනත් කමක් නෑ කියලා . ඒ වෙලාවෙ යූංගි හිටියෙ නැත්තන් ටේගෙ ඉතුරු අඩු ටිකත් ක්ලියෝ විසින් කඩන්න ඉඩ තිබ්බා. ක්ලියෝගෙ වැඩ වලට උදව්වට ලියාත් ටේගෙ වැඩවලට උදව්වට කුකීත් හිටපු නිසා අජුම්මාට වුනත් ගොඩක් මහන්සි වෙන්න වුනේ නෑ ..

ඔය අතරේ කුකීගෙ සහ සැනීගෙ ප්‍රේමයේ නැග්මක් නොතිබුනේමත් නෑ . හැබැයි දෙන්නගෙන් එක්කෙනෙක් වත් එකිනෙකාට කැමතියි කියලා කියන්න පසුබට වුනා. කාට කියන්න ද ඉතින් .. ලොකු කමනේ..

ඇක්සිඩන්ට් එකට මුල් වුනේ යූජින් කියලා හැමෝම දැනගෙන හිටියත් එයාව හොයාගන්න බැරි වුනා. ඒත් යූංගිගෙ අදහස වුනේ නම් වෙනම දෙයක්.. ක්ලියෝටත් දැන් ගොඩක් දුරට හොද නිසා එයාට ඕනි වුනේ පලිගැනීම සම්පූර්ණ කරන්න . මොකද පලිගන්න අලුත් හේතුවකුත් එකතු වෙලා තිබුන නිසා. ක්ලියෝ ඒ නිසාම meeting එකක් arrange කරා..

At meeting room

🖤 යූංගි ඔප්පා. මාස දෙකකුත් ගිහින් අපි තාම ඒ ගෑනිව අල්ලගන්න බැරුව දගලනවා. මොකක්ද මේකෙ තේරුම..

ක්ලියෝ කේන්තියෙන් ඒත් කලකිරුන හඩකින් එහෙම ඇහුවා..

🐱 ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඒකි අතුරුදහන් ක්ලියෝ . අනික මම මේ ගැන කියන්නමයි හිටියෙ.. ඔයාලා හිතනවද යූජින්ට මේ දේවල් තනියම කරන්න පුලුවන් කියලා

You've reached the end of published parts.

⏰ Last updated: Jan 30, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Evil Girl Where stories live. Discover now