Mission Accomplished

106 28 7
                                    


👩‍💼 මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. New yorkහි සුඛෝපභෝගී නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. එය මෙතෙක් කල් සාමාන්‍ය  ගින්නකින් සිදු වූ වැඩිම මරණ ගණන බවට වාර්තා වෙනවා. ගින්න හටගැනීමට හේතුව නිවස තුළ සිදුවූ ගෑස් කාන්දුවක් බව තවදුරටත් විදෙස් මාධ්‍ය විසින් පවසනවා. මෙහි විශේෂතම සිදුවීම වන්නෙ මියගිය සියලු පුද්ගලයින් පිරිමි පුද්ගලයින් වීමයි

ක්ලියෝ tv එක දිහා බලාගෙන හිටියෙ දිදුළන ඇස් වලින්..

🖤 Mission accomplished  😂😂😂

කෙල්ල අත්පුඩි ගගහා හිනාවෙන ගමන් කිව්වා. ටේ නම් ඒ දිහා බලාගෙන හිටියෙ මුකුත් නොතේරුන නිසා .

👼 ම්වෝ .. ?

🖤 යූංගි ඔප්පයි Lucasයි වැඩේ කරලා

👼 ඔයා කොහොමද ඔය තරම් විශ්වාසෙන් කියන්නෙ ..

🖤 තමුන්ට මේ දේවල් පැහැදිලි කර කර ඉන්න මට පිස්සු කියලා හිතුවද..

එවෙලෙම එතනට සැනී ආවා. සැනීත් බලාගෙන හිටියෙ බලාපොරොත්තු සහගත මූනකින්..

.........................................................................

වාහන පෙලක් ඇවිත් ගේ ඉස්සරහ නවත්තනවා ගේ ඇතුලටත් ඇහුනා. ගේ ඇතුලෙ හිටපු හැමෝගෙම හිත්වල තිබුනෙ සසල බවක්..කාටත් වඩා ක්ලියෝට ඒ දේ හොදටම දැනුනා. කවදාවත් කිසිම දේකට නොසැලුන ක්ලියෝ අද කෙනෙක්ට මූන දෙන්න බැරුව හිතත් එක්ක වාද කරනවා.

කවුරුත් හිතුවා වගේම දොර ඇරගෙන ඇතුලට ආවෙ යූංගි ඔප්පා. එයාගෙ මූනෙ නම් තිබුන වෙනදා වගේම proud පෙනුමක්. දෙවෙනියට ඇතුලට ආවෙ Lucas . එයාගෙ මූනෙත් සතුටු පෙනුමක් තිබුනා. තුන්වෙනියට කුකී. එයා නම් හිටියෙ ලොකු වීරකමක් කරලා ආපු හීරෝ කෙනෙක් වගේ . අන්තිමට ම.................................
ඔව් .. ක්ලියෝ බලාගෙන හිටපු කෙනා. ලියානා.. කෙල්ලගෙ මූනෙ ලොකු සතුටක් තිබුනත් විදපු දුක් කන්දරාවෙ කතන්දරේ ඒ මූනෙ ලියවිලා තිබුනා..

ලියා ඉස්සෙල්ලම දැක්කෙ ටේව.. ඊටපස්සෙ සැනී.. ඊටත් එහායින් එයා හොයපු කෙනා  .. ක්ලියෝනා.. එයාගෙ එකම ඔන්නි.. ලියාගෙ මූනෙ ලොකු හිනාවක් ඇදුනා.. කෙල්ල දුවගෙන ගිහින් ඔන්නිව බදාගත්තා ..

Evil Girl Where stories live. Discover now