කඩවීදියට ගිය අජුම්මා ආයෙත් එද්දි මම හිටියෙ තවානෙ තිබ්බ පැළ වලට වතුර දාන ගමන්..අජුම්මා ආපු ගමන් ඉඟුරු බිස්කට් පැකට් එකක් මගෙ අතේ තිබ්බෙ මම ඒවට කැමතියි කියලා දන්න නිසාම වෙන්න ඇති..
"දැන් මොකක්ද මූන්ගෙ ඉදිරිය?"අජුම්මා ඇහුවෙ මාත් එක්ක ආයෙත් කඩේ ඇතුළට යන ගමන්..මම අජුම්මා එක්ක ඇතුළට ගිහින් වාඩිවුණා..
"අජුම්මා..මට හිතෙනවා ඔම්මලා ගාවට යන්න.."
"හ්ම්..ඒ කියන්නෙ කොරියාවෙන් යනවද?"
"එහෙම අදහසක් තියෙනවා.."මම ජනේලෙන් එළිය බලාගෙන කිව්වා..
හිතට ඕනෙ වුණේ නිදහස..නිදහස හොයපු තැනින්ම මට දුක් වෙන්න හේතු හදලා දෙනවා නම් මෙහෙට වෙලා ඉන්න එකේ තේරුම මොකක්ද..??කොරියාවෙ ඉන්නවා කියලා මට වෙන තැනක් තිබුණෙ නෑ..
අජුම්මා මගෙ ඔම්මාගෙ යාළුවෙක් නිසයි මෙහෙට වෙලා හිටියෙ..කොරියාවෙන් යන එක තමයි තිබ්බ එකම විසඳුම කියලා මගේ හිත කියමින් හිටියා..
"නූනා.."කඩේ ඇතුළට වෙලා හිටිය මම ගැස්සුණෙ එකපාරම දොර ඇරගෙන ආපු ටේහියොන්ගෙ කටහඬට..
"ටේ?ඔයා??"මම එයා ඉස්සරහට යද්දි ටේහියොන් මගෙ අතින් තදට අල්ලගත්තා..
"එන්න මාත් එක්ක යන්න.."ටේහියොන් මම මුකුත් කියන්නත් කලින් මාව ඇදගෙන එළියට ආවා..මම අජුම්මා දිහා බලද්දි එයා හිනාවෙලා ඔළුව වැනුවෙ 'කමක් නෑ' කියලා කියන්නා වගේ..
ටේහියොන් මාව ඇදගෙන ඇවිත් නතර වුණේ කඩෙන් ටිකක් එහාට වෙන්න අතුපතර විහිදගත්ත ලොකු ගහක් ගාවින්..
"ඇයි ටේ?මොකද?"මම ඇහුවා..ටේහියොන් මගෙ දිහාම බලාගෙන හිටියා..
"නූනා..ඔම්මට ඔයා එක්ක කතා කරන්න ඕනෙලු.."ටේහියොන් කියද්දි මගෙ හදවත කඩාගෙන වැටුණා..
ඔම්මා..ඒ නම ඇහුවත් මම ගොඩක් සංවේදී වෙනවා..ඔම්මාගෙ කටහඬ අහන්න තරම් මම ශක්තිමත් වුණේ නෑ,.ඕනෙ වුණත් මම ඒකට මැලි වුණා..
"ටේ..අනේ මට බෑ මල්ලි..ඔම්මා එක්ක කතා කරන්නෙ කොහොමද මම?"
"ප්ලීස් නූනා..එකපාරක්..ඔම්මාගෙ හිත හැදෙන්නවත් කතා කරන්න.."
ටේහියොන්ගෙ ආයාචනාව පිරුණ ඇස් ඉස්සරහා මම නිරුත්තර වුණා..
නම්බර් එක ඩයල් කරලා මගෙ අත උඩින් තිබ්බ ෆෝන් එක කන ගාවට ගත්තෙ එකපිට එක වදින ඇඟිලි තුඩු වලින්..
එහා පැත්තෙන් ඇහුණ දයාබර කටහඬ මාව අන්ත අසරණ කළා..
"මගේ දුවේ.."
ඔම්මාගෙ ආදරේ පිරුණ කටහඬට මට ඉකිගැහෙද්දි ටේහියොන් හිමින් මගේ පිට අතගාන්න ගත්තා..
"ඔ..ඔම්මා.."මම ඒ වචනය කතා කරගත්තෙ අමාරුවෙන්...
______________________
ESTÁS LEYENDO
Remember Me | Jin Centric | Completed
Fanficමුළු ජීවිතේම මාව මතක තියාගෙන ඉන්නවා කිව්ව එයාට.. අඩුම තරමෙ මගෙ නමවත් මතක නෑ..