" සෙබල පාර්ක් අවදි වෙන්න ඔබ දඩුවම් විදීමටද සූදානම් වෙන්නෙ....සියලු දෙනාම අවදි වෙලා...ඔබ තවමත් නිදිකිරා වැටෙනවා..."
කාමරේ තුල සිටි එක් සෙබලෙක් ඇදේ ගුලී වී සිටින ජන්ග්කුක්ගේ උරහිසෙන් අල්ලා සොලවන ගමන් ඔහුව අවදි කරා....
" උදෑසන කීයද?"
" පෙරවරු පහ පසු වී මිනිත්තු තිහයි.."
" මගේ දෙවියනේ..."
නිදි ගැට කඩමින් දෑස් විවර කෙරූ ඔහු තමන් ඉදිරියේ පුහුනුවීම් ඇදුම්න් සැරසි සිටි සෙබලාගෙන් වේලාව ඇසුවත් ඔහුගේ දෑස් උඩ ගියේ ඔහූට සියල්ල කර ගැනීමට ඉතිරිව ඇත්තේ මිනිත්තු තිහක කාලයක් පමණක් නිසා.....
මිනිත්තු විස්සකින් තම පුහුනුවීම් ඇඳුම ඇද ගත්ත ජන්කුක් කඩිනමින් විශාල පිට්ටනියට පැමිනෙද්දි ඔහු දුටුවේ වෙනත් අංශ වල සෙබලුන් පුහුනුවීම් සිදු කිරීම ඒ වන විටත් ආරම්භ කර ඇති අයුරුයි.........
හරියටම ඔරලොසුවේ මිනිත්තු කට්ට දොලහටත් පැය කට්ට හය ලඟටත් වදිනවා එක්කම සියලුම සෙබලුන්ට කැප්ටන් කිම්ව පිට්ටනිය තුල දැක ගන්න පුලුවන් උනා.....
වෙනදාට අඳින නිල ඇඳුම හා සමානව ඔහූගේ පුහුනුවීම් ඇඳුම පවා කැප්ටන් කිම්ට ගෙනාවේ අමුතුම කඩවසම් බවක්....
සෙබලු සියල්ලන් ඉදිරියේ ගාම්භීරව සිට ගත්ත ඔහූ තම අතේ රැදි විසිලය එක වරක් නාද කර.....
" වීර සෙබලුනී , ඔබත් මාත් අද මෙතම සිටින්නේ යුද්ද කරන්නයි...අපි කුමන විදිහකින් හෝ අපිට අයිතී දේවල් ලබා ගත යුතුයි....අපි ශක්තිමත් නොවුනෝත් අපිට වැඩිකල් නොයාම පසුබට වෙන්න සිද්ද වෙයි...එත් ඔබලා සියලු දෙනා මෙතන මෙහෙම රැස්ව ඉන්නේ ඒ විදිහට පරාජය භාර ගන්න ද?..."
YOU ARE READING
His endless love 🥀 (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)
Fanfiction1950 දකුනු කොරියාවත් උතුරු කොරියාවත් අතර තිබෙන සීතල යුද්දයක් අතරතුර ගලාගෙන යන නිලධාරියෙක් සහ සෙබලෙකුගේ එක් ආදර කතාවක්..... උතුරු කොරියා හමුදාවේ සිටින සීතල හදවතකට හිමිකම් කියූ එක් තරුණ නිලධාරියෙක් අලුතින් ඔවුන්ගේ කඳවුරට පැමිණෙන සමාන්ය සෙබලෙක්ට ආදර...