6

1.9K 412 20
                                    

උදෑසන හිරු එලිය ජනේල් පියන් අතරින් කාමරේ ඇතුලට වැටී ආලෝකමත් වෙද්දි ටේහියුන්ග්ට ඇහැරුනේ ඉබේම වගේ....

හිමින් තමන්ගේ දෑස් විවර කරපු ඔහූ ඇඳෙන් නැඟිටින්න උත්සාහ ගත්තාත් එහෙමම  එය නවත්ත ගත්තේ ඔහූගේ බෙල්ල මුලට දැනුන උණුසුම් හුස්මක් නිසා.....

යාන්තාම් තොල්  මත අහිංසක හිනාවක් ඇද ගත්ත ටේහියුන්ග් ඔහූගේ ගෙල  ටිකක් මෑත් කර බැලුවේ  මුලු රාත්‍රියේම ඔහුට තුරුලු වී නිදා සිටින සෙබල පාර්ක් දිහා....

" ඔබ ඇත්තෙන්ම ලස්සනයි කුකී..."

තමන්ටම කියා ගත් ටේහියුන්ග් ජන්කුක්ගේ මුහුනට හිරු එලිය වැටෙන සේ මදක් ඔහුගෙන් ඈත් උනා....

හිරු එලිය මුහුන මතට වැටෙන්න ගත් නිසා අඬ නින්දෙන්ම හෙවනක් හොයන්න උත්සාහ ගත්ත ජන්කුක් ආයේම සැරයක් සැනසිල්ලේ නින්දට වැටුනේ ටේහියුන්ග් ඔහුගේ අතක් උඩට උස්සමින් හිරු එලිය ජන්කුක්ගේ මුහුනට වැටෙන එක ආවරණ කරපු නිසායි......

ජන්කුක්ට ආයේම සැරයක් නින්ද ගිහින් ඇති බව දැන ගත් ටේහියුන්ග් තවත් වතාවක් ජන්කුක්ගේ මුහුනට හිරු එලිය වැටෙන විදිහට ජන්කුක්ගේ ලඟින් අයින් උනා....

කිහිප සැරයක්ම හිරු එලියෙන් ප්‍රයෝජන අරන් ජන්කුක්ට විහිලු කරපු ටේහියුන්ග් අවසානේ ඒ වැඩේ නතර කරන ගමන් ජන්කුක්ගේ හිනී බද වටේ අත යවලා ඔහුව තමන්ට තවත් තදින් තුරුලු කර ගත්තා....

" කුකීට අවදි වෙන්න අදහසක් නැද්ද?"

" තව ටිකක් මෙහෙම ඉමූ..."

" ඉන්න නම් පුලුවන් නමුත් අපිට පුහුනුවීම් තිබෙනවා...මං වේලාවට පිට්ටනියේ ඉන්න ඔනී වගේම ඔයාටත් නිතීය පොදුයි..."

" අනේ ටේ.....අපි දැන් ආදරේ කරන නිසා මං ටිකක් පරක්කු උනාට ප්‍රශ්නයක් නැහැ නේ..."

His endless love 🥀   (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)Donde viven las historias. Descúbrelo ahora