11

1.6K 348 39
                                    

ටේහියුන්ග්ගේත් ජන්කුක්ගේත් ආදර කතාව ඔවුන් දෙදෙනාට ඇර අනිත් සියලුම දෙනාට රහසක් උනා.....

නමුත් රහස් කියන දේවල් හැමදාමත් ‍ඒ විදිහට රැකෙන දේවල් ද?

ජන්කුක්ට කාගෙන් ඒ දේ සඟවන්න පුලුවන් උනාත් ඔහූගේ කාමර මිතුරන්ගේන් එය සැඟවීමට ඔවුහුට ටිකක් අපහසු උනා....

වෙනදා වගේම නාන කාමරය තුල සැවෝම පිරිසිදු වෙමින් ඉද්දි එක පාරම එතනට පැමිනියේ කවුරුත් නොසිතූ කෙනෙක්....

" කැප්ටන් කිම්...?"

නාන කාමරේ දොර අබියස පපුව ඉදිරියට දමා වෙනදා මෙන් ගාම්භීරව සිටන් සිටි ටේහියුන්ග්ව දුටු සියලු දෙනා තමන් ඉන්න විදිහද අමතක කරමින් ඔහුට ආචාර කරන්න ගත්තා.....

නමුත් ටේහියුන්ග්ගේ අවදානේ නම් තිබ්බේ නිරුවතින් ඉදන් ඔහූට ආචාර කරන සෙබලු ලඟ නෙමෙයි.....

ඔහූගේ දෑස් මුලු නාන කාමරේ පූරාම සෙව්වේ සුන්දර තරුණයෙක්ගේ රූවක්....

" සෙබල පාර්ක් ජන්ග්කුකී...ඉන්න තැනකින් එලියට එන්න...."

ඔහු සොයන රූව හොයා ගන්න බැරි උන ටේහියුන්ග් බැරිම තැන ජන්කුක්ගේ  සම්පුර්ණ නමින් ඔහූව ඇමතුවේ ඒ නිසායි.....

ටිකකින් සෙබලුන් එකිනෙකාව හිමින් පැත්තකට කරන ගමන් ඉස්සරහට ආවේ ජන්කුක්....

ජන්කුක්ට අනිත් සෙබලුන් එක්ක එකට පිරිසිදු වෙන එක දැන් පුරුද්දට ගිහින් තිබ්බා වගේම ටේහියුන්ග්ගේන් සඟවන්න තවත් දෙයක් ඔහූට නැති උනාත් එදා ජන්කුක්ට දැනුනේ හරි අමුතුම ලැජ්ජාවක්....

තම ඉදිරිපස අතින් වසා ගත් ජන්කුක් හිස බිමට නමාගෙනම සිටියේ නිල ඇඳුමින් ඉන්න ටේහියුන්ග්ව බලන්න ඔහූට ඇත්තටම ලැජ්ජ හිතුන නිසා.....

මුලු නාන කාමරය පූරාම ටේහියුන්ග්ගේ සපත්තු සද්දේ දෝංකාරය දෙද්දි අනිත්  සෙබලුන්ද බලන් හිටියේ හදිසියේම කැප්ටන් කිම් ඔවුන්ගේ නාන ස්තානයට පැමිනීමට හේතුව ගැන....

ජන්කුක් ලඟට ආ ටේහියුන්ග් ඔහූගේ හිතට එන හැඟීම් සියල්ලම  ගිල ගන්න ගමන් සෑම සෙබලෙක්ටම කතා කරන ගැඹුරු කට හඬින් ජන්කුක්ටද කතා කරා....

His endless love 🥀   (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)Donde viven las historias. Descúbrelo ahora