23

2.2K 362 183
                                    

( වර්ථමානය....)

" මොකක්ද ටේ ඔය හිනා වෙන එක නවත්තන්නකෝ...."

" කොහොම හරි මගේ කුකී හැන්බොක් එකකුත් ඇන්දා නේද..."

" යාආආ ඔයා නම් ගුටි කන්න යන්නෙ මගෙන්....ටේ කියපු නිසා නේ එදා ඇන්දේ...."

ටේහියුන්ග්ගේ බාහුවකට ගහපු ජන්කුක් තොල් දෙකත් උල් කරන් අහක බලා ගනිද්දි හිනාව නතර කරපු ටේහියුන්ග් ජන්කුක්ගේ උරහිස වටේ අත යවන ගමන් නිදහස් අතින්  ජන්කුක්ගේ අතක් රැගෙන එය උඩ මෘදු හාදුවක් තිබ්බා....

" උනාට මැණික දන්නවා ...එදා මැණික හරිම ලස්සනයි...."

" නිකන් ඉන්න බොරු නොකියා...ලස්සනයි නම් මොකටද හිනා වෙන්නෙ..."

" ඔයාව කේන්ති අවුස්සන්න නේ....ඇත්තමයි කුකී ඔයා ගැහැනු කෙනෙක් වුනා නම් මීට වඩා ලස්සන කෙනෙක් වෙන්න තිබ්බා..."

" ටේ කියන්නේ මං දැන් කැතයි කියලාද ?"

" මං කිව්වේ මීට වඩා ලස්සනයි කියලා....කුකී පිරිමියෙක් විදිහට හුඟාක් ලස්සන වැඩි...නමුත් ගැහැනියෙක් හැම වේලාවෙම පිරිමියෙක්ට වඩා ලස්සනයි....මං ඒකයි කිව්වේ..."

" ඇත්තටම ටේ එදා හැන්බොක් එකක් හොයන් ආවේ කොහින්ද..."

" අහ්හ්හ් මං ඒක  හොරකන් කරා..."

" මොකක්...!!"

" හී හී කලුවර වැටිලා තිබ්බ නිසා කවුරුත් හිටියේ නැහැ නේ......ඉතිං හොරෙන් පැනලා වැලක දාලා තිබ්බ එකක් අරන් ආවේ.."

His endless love 🥀   (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)Место, где живут истории. Откройте их для себя