🌻 ටාරා...මේක මට හරියන එකක් නෑ...කොට වැඩියි...
🌸 අනෙ කෙල්ලේ...දනිස්සෙනුත් පහලට තියනවා...මෙන්න මෙහෙ එනවා...අර දෙන්නාගෙන් අහමුකෝ...
🌻 හ්ම් ..හ්ම්..
අපි පාර්ටියට යන්න ලෑස්ති වෙලා ඉන්නේ...මගේ හිතේ පොඩි තිගැස්මක් තිබ්බේ මගේ ...මම කලින් හිටිය පවුලේ හැමෝම ස්ටාර් ඩ්‍රෝ ස්කූල් එකට යන එක ගැන...අද එහෙනම් එයාලා එයි...මේ ගැන ෆෙඩ්රිට කියන්න කියලා මගේ හිත කිව්ව...
🌸 බෝයිස්...ඔන්න මම අපේ බෝනික්කිව ලෑස්ති කරා...
💜 වාව්...දැන් නම් බෝනික්කියෙක් වගේමයි...
💙 උස්සන් යන්න හිතෙනවා..
🌸 ෆ්‍රෙඩී....
💙 ආ...නෑ...මම කිව්වේ කවුරුහරි දැක්කොත් උස්සන් යයි...
💜 මට බය උබ උස්සන් යයිද කියලයි...
🌸 අම්මෝ..ඔය කන් කරච්චලේ ඇති අප්පා...
💜 එහෙනම් මිස් කාර් එකට සැපත් වෙන්න..
🌸 එහෙමයි ස්වාමීනී..
💜 පැමිනෙන්න සොදුරිය..
ජෙවෝන් නාට්‍යක වගේ ටාරාගේ අතින් අල්ලන් එලියට ගියා...
🌻 ෆ්‍රෙඩී...
💙 කියන්න..
🌻 ම්..මේ...ඒ පාර්ටියට...මම දන්න අය එන්න ඉඩ තියනව..
💙 ඔයා එයාලා ගාවට යන්න අකමැති නම් මම ඔයාව ගෙනියන්න දෙන්නෙ නෑ..
🌻 තෑන්ක්ස්..
💙 ඔයාට තාම මාව ශුවර් නැද්ද...
🌻 අ....
🌸 ඉක්මන්ට එන්නෝ..
ටාරාගේ ලව්ස්පීකර් එකේ සද්දෙ නිසා අපි දෙන්නා ගෙදර දොරත් වහලා ගියා..
@Party......
මිනිස්සු ගොඩයි...ඔක්කොම 19-25 කට්ටිය...මටත් නොදැනිම මම ෆ්‍රෙඩ්ගේ අතේ වැලමිට ගාවින් අල්ල ගත්තේ බයට...මම දකින්න බයෙන් ඉන්න රූප ටික මගේ ඉස්සරහට කොයි වෙලාවේ හරි එනවා කියලා මම දන්නවා..
🌸 ඔය දෙන්නා මෙතනම ඉන්න හොදේ...මමයි මෙයයි ටිකක් එලියට යනවා.......
YOU ARE READING
Miya✔️✔️
Short Storyදෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්....කොටින්ම කිව්වොත් ඔයාව ගෙදරින් එලියට ඇදලා දැම්මොත්...මොනවා වෙයිද... හායි ☺️❤️ මේ තමා සාමාන්‍ය මිනිස්සු ආශ්රයෙන් මම ලියන පලවෙනි පොත...අඩු පාඩ...