අතරමං වූ මා

92 21 17
                                    

අද දින, එනම් 2021/12/01 දින KBS WORLD(Peo tv channel 87) හි විකාශනය වී අවසන් වූ '2013 පාසල'(School 2013) කතා මාලාවේ ඕ ජොන් හෝ නම් චරිතය වෙනුවෙන් ලියනු ලැබූ කතාවකි....

........................................................................

මම.. ඕ ජොන් හෝ.

ඉස්කෝලේ අනිත් අයගේ නමින් කියනවා නම්, ඉහලම බල්ලා(top dog).

මුළු ඉස්කෝලෙම බයෙන් ඉන්න ඕ ජොන් හෝ.

මන් ඒ කාලේ මගේ යාළුවෝ දෙන්නත් එක්ක කරදර කරන්න පුරුදු වෙලා හිටිය කොල්ලා කො නම් සුන්.

එක ගුරුවරයෙක් වත් මන් ගැන හොයල බලන්න වද නොවෙද්දී, අපේ පන්තියට අළුතෙන් පත් කරපු පන්තිභාර ගුරුතුමිය පලවෙනි දවසෙම මහ හිසරදයක් කියලමයි මට‍ හිතුනේ.

අනිත් ගුරුවරු වගේ පාඩුවේ ඉගෙන ගන්න එක්කෙනාට උගන්නන්නේ නැතුව ඇවිත් මගෙ අතේ තිබ්බ ෆෝන් එක උදුර ගත්තා. මට‍ හොදටම තරහ ගියපු පාර මන් එයාට ගහනවා. ඒත් කොහෙවත් හිටපු කො නම් සුන් ඇවිත් මාව නැවැත්තුවා.

වැඩි කල් නොයා ජොන් සොන්සෙන්නිම් එක්ක එකට පන්තිය බලාගන්න තවත් ගුරුවරයෙක් ආවා. එයා ගැන මන් වැඩිය හිතන්න ගියේ නැත්තේ ජොන් සොන්සෙන්නිම් වගේ මට‍ වදයක් වෙන්න නාපු නිසා.

ඒත් එක්කම වගේ පන්තියට අළුතෙන් ආපු පාක් හන් සු ඉස්කෝල ගොඩකින් අස් කරලා දැම්ම නිසා මෙහෙට ආපු කෙනෙක්. එයා ආව දවසේ ඉදන් කටකතා පැතිරුනා හැමෝම අතරේ කාලයක් ප්‍රසිද්ද වෙලා හිටපු පාසල් හිරිහැර කරන්නා(bully),'සුනාමි' එයා කියලා. වැඩි කල් යන්න ඉස්සෙල්ල මට‍ ඉහලම බල්ලා කියලා තිබ්බ පට්ටම නැති වුණා.

ඒත් 'සුනාමි' එයා නෙමෙයි කො නම් සුන් කියලා හොයාගන්න මට‍ වැඩි කල් ගියේ නෑ. ඒ නිසාම මගෙ කට්ටියයි, කො නම් සුනුයි පාක් හන් සුයි අතරේ ගොඩක් රණ්ඩු ඇති උනා.

ඒ විදිහට කාලයක් ගත උනා. ජොන් සොන්සෙන්නිම් ගෙ වදේ තවත් වැඩි උනා. මන් නිතරම රණ්ඩු වලට පැටලෙන්න යන එක නිසා සොන්සෙන්නිම් මන් ගැන විශේෂ උනන්දුවක් දැක්කුවා. එයාට ඕනේ මාව හරි මාර්ගෙට ගන්න ලු.

අතරමං වූ මා [School 2013](One Shot)Where stories live. Discover now