ගීතයෙන් ගීතයට මාරු වෙමින් ස්වර මැනවින් සංයෝජනය කරමින් ඔහු ප්රේක්ෂයන් අමන්දානන්දයට පත් කළා.
එකවරම වාදනය නතර වී ශාලාව පුරා දැඩි නිහඬතාවයක් පැතිර ගියා.
මෙතෙක් දෑස් පියාගෙන ඔහුගේ වාදනයට සවන් දුන් සියල්ලන්ගේම දෑස් ක්ෂණයකින් විවර වූවා.
වැඩිහිටියන්, ඔහු ඊළඟ ගීතය වාදනය කරන තුරු නොඉවසිල්ලෙන් දෑස් දල්වා බලා සිටියා.
තරුණ තරුණියන්, ඔහුගේ රූපය රසවිඳින අතර ඔහු තමාගේ උරුමයක් බවට පත්කර ගන්නට අහස් මාලිගා තැනුවා.
කුඩා ළමුන්, කෙදිනක හෝ ඔහු වැනි දක්ෂ වාදකයකුව රට පුරා පතළ වන්නට සිහින දුටුවා.
මිනිත්තු කීපයකට පසු නැවතත් වාදනය ඇරඹුණා.
"You are the cause of my euphoria...." පියානෝව වයන අතරම ගී පද මුමුණමින් ඔහු යමෙකු සෙව්වා.
දෑසට කිසිවක් දිස් නොවූවත් තමා සොයන තැනැත්තාගේ සුවඳ තමා අසලම ඇති බව ඔහුට දැනුණා.
ඒ ඔහුගේ ප්රමෝදය....
ඔහුගේ ඒකපාර්ශ්වික ආදරය....
- To be continued -
YOU ARE READING
𝐄𝐔𝐏𝐇𝐎𝐑𝐈𝐀 || 𝐉𝐈𝐍𝐊𝐎𝐎𝐊 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)
Fanfiction"You are the cause of my euphoria...." පියානෝව වයන අතරම ගී පද මුමුණනමින් ඔහු යමෙකු සෙව්වා. ඒ ඔහුගේ ප්රමෝදය..... ඔහුගේ ඒකපාර්ශ්වික ආදරය..... ♡A jinkook fanfic♡ Jin's birthday special🎂🎂 Start :- 2021.12.04 End :- 2021.12.04 Cover by :- Supe-r-Nova_...