"ජින් හ්යුන්ග් ඔයා ඉන්නවා නේද මෙතන? මට ඔයාගේ සුවඳ දැනෙනවා."
ශාලාවේ පිටතට වී කඳුළු සලමින් උන් ඔහු පියවි ලොවට පැමිණියේ තමාට පිටුපසින් ඇහුණු ඒ කටහඬ්න්.
"කූ ඔයා ඇයි මෙතන?"
"හැමදාම පියානෝ වාදනය කරලා ඉවර උනාම ඔයා එනවනේ මාව බලන්න. ඉතින් අද වෙනසකටත් එක්ක මන් ආවා ඔයාව බලන්න."
"අනේ කූ..."
"ඔයා ප්රශ්නෙකද හ්යුන්ග්? මට ඇහුණා ඔයා අඬන හැටි."
"අහ්.. මන් ඇඬුවෙ නෑ කූ... මට ටිකක් සෙම වගේ.ඒකයි මේ."
"මට බොරු කරන්න එපා හ්යුන්ග්. ඔයාගේ කටහඬත් වෙනස් වෙලා. මට ඇස් දෙකෙන් ඔයාව දකින්න බැරි වුනාට මගේ හදවතට ඔයාගේ හැම වෙනසක්ම හොඳට පේනවා හ්යුන්ග්."
"මේකයි කූ..මන් කෙනෙක්ට ආදරෙයි. ඒත් ඒක එයාට කිව්වොත් එයාව මට නැතිවෙයි කියලා මට බයයි කූ..."
"එහෙම වෙන්නේ නෑ හ්යුන්ග්"
"ඔයා කොහොමද එහෙම කියන්නේ?"
"එයත් ඔයාට ආදරෙයි හ්යුන්ග්."
"ඔයාට විශ්වාසද කූ...? ඔයා හිතන්නේ මන් කියන කෙනා ගැන නොවෙන්නත් පුළුවන්."
"සරංග්හේ හ්යුන්ග්"
"කූ ඔයා කොහොමද දැනගත්තේ?"
"ඔයාගෙන්මයි හ්යුන්ග්. ඔයාගෙම හැසිරීම් තමයි මට ඔයාගේ ආදරේ ගැන කිව්වේ."
"අනේ මගේ කු... නාදූ සරංග්හේ මැණික."
ඔවුන් දෙදෙනාගේ සිත් තුළ පැවති ඒකපාර්ශ්වික ආදරය එලෙස ද්වීපාර්ශ්වික ආදරයක් බවට පත්වෙද්දී ඔවුන්ට ආශිර්වාද කරමින් හිරිපොද වැස්සක් වැටුණා. සිසිලස ඔවුන් වෙළා ගනිද්දී ඒ සොඳුරු ආදරවන්තයන් දෙදෙනා ඔවුනොවුන්ගේ උණුසුමට දැඩිව තුරුළු වූවා.
- THE END -
Read the A/N👇

YOU ARE READING
𝐄𝐔𝐏𝐇𝐎𝐑𝐈𝐀 || 𝐉𝐈𝐍𝐊𝐎𝐎𝐊 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)
Фанфик"You are the cause of my euphoria...." පියානෝව වයන අතරම ගී පද මුමුණනමින් ඔහු යමෙකු සෙව්වා. ඒ ඔහුගේ ප්රමෝදය..... ඔහුගේ ඒකපාර්ශ්වික ආදරය..... ♡A jinkook fanfic♡ Jin's birthday special🎂🎂 Start :- 2021.12.04 End :- 2021.12.04 Cover by :- Supe-r-Nova_...