💙 29 💙

636 166 79
                                    

පහුවදා උදෑසන වෙනකන් කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ......ජන්කුක් අමාරුවෙන් ඇස් පිහදල නැගිටලා වටපිට බැලුවා....එයාට කියුටි තුරුල්වෙලා හිටිය......ජන්කුක් ට හිනාවක් ගියේ එයා ඉන්න විදිහ දැකලායි............
හදිසි වැඩකට යොන්දොව මුනගැහෙන්න එලියට යන්න ඕන වුන හින්දා ජන්කුක් ඉක්මනින්ම ලෑස්ති වෙලා එළියට යන්න සූදානම් උනා.....හැබැයි තාමත් කියුටි හිටියෙ නින්දෙ......එයා අද වෙන්නේ මොනවද කියලා කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ......
අඩුම තරමේ මේ එයා ජන්කුක් ගෙ තුරුලෙ නිදාගෙන හිටිය හරියටම කිව්වොත් සතුටින් නිදාගෙන හිටිය අන්තිම දවස එදා උදේ කියලා දෙන්නගෙන් එක්කෙනෙක් වත් විශ්වාස කරන්න නැතුව ඇති.......
ජන්කුක් කියුටි තාම ඇහැරලා නැති හින්ද ඇහැරවන්න නැතුව එලියට යන්න ගියෙ ආයෙත් ඉක්මනින් ගෙදර එන්න බලාපොරොත්තු ඇතිව...ඇත්තටම එයා යොන්දොව හම්බවෙන්න ගියෙ කියුටි ව මැරි කරන්න ඕන වැඩ ටික කතා කරගන්න.......මොකද කියුටිට කිසිම දෙයක් කියන්න නැතුව හැම දෙයක්ම ප්ලෑන් කරලා අන්තිමට සප්‍රයිස් කරන්නයි ජන්කුක් ට ඔනි උනේ.......ඒ හින්දා එයා අඩුම කරන මේ ගැන එක වචනයක්වත් එයාට කිව්වේනෑ............

" ගුඩ් මෝනින් කුකි............"

කියුටි ඇහැරිලා වටපිට බලන්න ගත්තෙ ජන්කුක්ව දැක්කේ නැති හින්දයි.......ඒත් එයා පේන්නේ නෑ කියලා තේරුණ ගමන් කියුටි කලබල වෙලා නැගිට්ට.......බබා තාම කොච් එකේ නිදාගෙන හිටපු හින්දා කියුටි හෙමීට ගිහිල්ල බබාගෙ නලලින් කිස් එකක් තියලා එලියට ගියෙ ජන්කුක් එලියේ ඇති කියලා හිතාගෙනයි ............

"ඔම්මා කුකි කො......."

කිචන් එකේ හිටිය ඔම්මගෙන් කියුටි එහෙම ඇහව්වෙ පල්ලෙහා කොහෙවත් ජන්කුක් පේන්න හිටියෙ නැති හින්ද යි...........

"එයා පොඩි වැඩ වගේකට එළියට යනවා කියලා තිබ්බ......සමහරවිට යන්න ඇති........"

"ආ.......මට කිව්වේ වත් නෑනේ නොකියම ගිහිල්ලද......"

එයා වතුර වීදුරුවක් අතට අරගෙන එක හුස්මට බීගෙන ගියෙ කලින් දවසෙ රෑ එයා ටිකක් නරක හීනයක් දැක හින්දයි........
හුලන් ටිකක් වදින්නත් එක්ක එයා උදේ පාන්දරම දොර ඇරගෙන එළියට බැස්සේ හීනෙ දැකලා එයාගෙ ගේ හිතට දැනුනෙ අමුතු බය අමතක කරගන්න කියලා හිතාගෙනයි.......

  Angel In A Crystal Ball ( Completed ) Where stories live. Discover now