13

1.6K 357 25
                                    

" ටේ ඔයා  කොහිද?"

" ඔයා  කාමරේ ඇතුලේ නැද්ද?"

නේවාසිකාගාරයට ආ ජන්කුක් ටේහියුන්ග්ගේ කාමරය තුලට ඇතුල් උනාත් එහි ටේහියුන්ග්ගේ සෙවනැල්ලවත් පෙනෙන්නට තිබූනේ නැහැ......

ජන්කුක්ට දැන් අවශ්‍ය ටේහියුන්ග්ගේ උණුහුම විදින්නයි....

ඔහූගේ උණුසුම් පපුවට තුරුලු වී ටේහියුන්ග්ගේ මෘදු හාදු ලබමින් ආදරේ විදින්නයි ජන්කුක්ට මේ මොහොතේ ඕන උනේ....

ටේහියුන්ග් කාමරය තුල නැති බව වටහ ගත් ජන්කුක් ඔහූගේ කලබල වී තිබේන හදවත මදකට හෝ සංසුන් කරන්න හිතන් ඇඳ මත වාඩි ගත්තේ ඔහූගේ කලින් පෙම්වතා නැති නම් ජින්හැන් කියූ කාරණාද නැවත නැවත මතක් කරමින්.....

ජන්කුක්ගේ මෙහෙයුම එයයි....

ටේහියුන්ග්ගේ මරණය ලියවි  තිබුනේ ජන්කුක්ගේ අතිනුයි....

නමුත් දැන් ප්‍රශ්නය වන්නේ ටේහියුන්ග්ගෙන් මරණය බලාපොරොත්තුවෙන් ආ ජන්කුක්ගේ හිත ඔහුටත් හොරා ටේහියුන්ග්ට ආදරය කරන්න පටන් අරන් තිබීමයි.....

දෑස් වලින් මුතු කැට මෙන් කඳුලු බිංදුව බිංදුව ගලාගෙන යද්දි ජන්කුක් එක දිගටම කල්පනා කරේ ඔහූගේ මෙහෙයූම අවසන් කරන ක්‍රමයක්....

ආදරය ද?  නැති නම් මෙහෙයූමද?

ඔහූට අනිවාර්යයෙන්ම දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවාමයි.....

ටිකකින් කාමරයේ දොර විවර වෙන හඬින් හොඳ සිහියට ආ ජන්කුක් ඉක්මනින් ඔහූගේ දෑස් වලින් ගලා ගිහින් තිබ්බ කඳුලු පිහ ගත්තා.....

" ඔහෝ කුකී...මං ඔයාව බලන්න නේවාසිකාගාරයටත් ගියා..."

" මං ටේව බලන්න ආවා...එත් කොහිද මේ රාත්‍රීයේ මාව දලා ගියේ.."

" ඔයාට දෙයක් අරන් එන්න ගියේ..."

" මට..?"

" හ්ම්ම්..."

සීතලට නහයත් රතු කරන් හිටිය ටේහියුන්ග් ඔහුගේ සපත්තු දෙක ගලවා මේසෙ යටට දාන ගමන් එහෙමම ඇවිත් ජන්කුක්ගේ එහා පැත්තෙම වාඩි උනා....

His endless love 🥀   (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)Where stories live. Discover now