ලීසන් රාත්‍රියේ නගරයේ ඇවිදිමින් සිටින විට දුටුවේ පොකුණ අසලට වී සිටින තරුනියක්
" රාත්‍රියේ තනිව මැය කුමක්ද මෙහි සිදු කරන්නේ "
ඔහු සිතුවා සද එලියෙන් ආලෝකය හේතුවෙන් දිදුලන ඇගේ මුහුන දෙස ලීසන් බලා සිටියේ රාගයෙන් හිමින් ඈ අසලට පා තැබූ ලීසන්
" තරුනියක් තනිව කුමක්ද මෙහි සිදු කරන්නේ "
ලීසන්ගේ කටහඬට ගැස්සුනු තරුනිය නැගී සිට ඔහුට ආචාර කලා
" නුබේ නාමය කුමක් ද "
" ආරෝ..... කුමරුනි "
ඇය හිස නවාගෙන පැවසුවා
" ම්ම්ම් ඔබ බොහෝ සුන්දරයි "
ලීසන් පැවසුවේ ආරෝ දෙස කෑදරයෙන් බලමින් ලීසන්ගේ ක්‍රියාකලාපය පිලිබද දන්නා ආරෝට අවශ්‍ය වූයේ ඉක්මනින් මෙතනින් යාමටයි
" මා යා යුතුයි කුමරුනි "
එසේ පවසා ආරෝ ලීසන්ට ආචාර කර මද දුරක් ගිය පසු ලීසන් පැවසූ දෙය නිසා ආරෝ එතැනම නතර විය...
" ඔබ හා ජීහන් අතර ඇති සම්බන්ධය කුමක්ද කියා මා දනිමි.."
ආරෝ නැවත හැරී ලීසන් දෙස බැලුවා
" ඔහු කිරුල හිමි කුමරු ඔහුට කිරුල අතහැරීමට අවශ්‍ය වුවත් එය කිරීමට රජතුමා ඉඩ නොදෙන බව මා දනිමි "
ලීසන් පැවසුවේ ආරෝ අසලට කිට්ටු වෙමින්
" ඔබතුමා කුමක්ද පවසන්නට තැත් කරන්නේ "
ආරෝ ඇසුවේ සන්සුන් ස්වරූපයෙන් වුවත් ඇගේ සිත කලබකාරී විය නමුත් එය පිටත්ව නොපෙන්වා සිටීමට ඇයට හැකි විය්..
" මා පවසන්නට තැත් කරන්නේ නුබ හා ජීහන්ට කෙදිනකවත් එක් වීමට නොහැකියි "
" ඔබතුමා මා හට කුමක් කිරීමට කියාද පවසන්නේ "
" ඔබට මා පවසන්නේ මෙපමණයි ජීහන් අමතක කර මා අසලට පැමිනෙන්න "
ලීසන් පැවසුවේ ආරෝගේ කනට කරලා ආරෝ විසල් වූ දෑසින් ලීසන් දෙස බලා සිටියා ලීසන් වැනි අයෙකුගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ආරෝ දැන සිටියා
YOU ARE READING
𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)
Fanfictionආදරය........... සහෝදරත්වය........... යාලුකම...... වෛරය ............... මාෆියා........ ආත්ම දෙකක්..... ඔවුන් නැවත හමුවේවි ද #fan fiction only 💕