10.Please Leave Me 😥

681 129 74
                                    

Back to present

Minhee pov

සතියක් ගෙවිලා ගියා ටේහ්යුන්, ජන්කූක් ,ජිමින් තුන් දෙනාත් අපේ යාලුවෝ වුනා ටේහ්යුන් කියන්නේ ජින්ගේ මල්ලි කියලා මම නම් විශ්වාස  කරන්නේ නැ ජින්ට වඩා කොච්චර වෙනස් ද ටේහ්යුන් අනේ මන්දා

මම උදේ නැගිටලා එනකොට ජීහි වැනි වැනි ආවා අනිත් ඩබල නැ යුන්මි ගැන නම් කියලා වැඩක් නැ ඒකි නම් නිදි දෙව්දුවගේ නෑයෙක් ද කොහෙද මම සෝහි යුන්මි ඩබල නැගිට්ටන්න රූම් එකට ගියා

දුටු දේ විශ්වාස කරගන්න බැරුව බලාගෙන හිටියේ මම දකින්නේ හීනයක් ද කියලා හිතාගන්න බැරුව

යුන්මියා උදේම නැගිටලා වෙන්න පුලුවන් වැඩක් ද ඉර බස්නාහිරින් පෑයුවත් සෝහි කොල්ලොන්ට පැනි හලන එක නැවැත්තුවා කියලා විශ්වාස කරන්න පුලුවන් ඒත් මේකි උදේම නැගිට්ටා කියන්නේ විශ්වාස කරන්න පුලුවන් දෙයක් නෙවෙයි අපේ හාමුදුරුවනේ

" මොකද උබ මගේ දිහා යුරේනස් වලින් ගොඩ බැහැපු පිටසක්වලයෙක් දිහා බලන්න වගේ බලාගෙන ඉන්නේ "

යුන්මි ඇහි බමකුත් උස්සගෙන ඇහුවා

" අනී බන් අද ඉර මොන පැත්තෙන් ද පෑයුවේ කියලා කල්පනා කලේ "

" ඉර පෑයුවේ ඊයේ ඉර පෑයුව පැත්තෙන්ම තමයි සෙද්ද 😒"

යුන්මි මූන වාහනේකට අහුවෙච්ච කජු ලෙල්ල වගේ කරගෙන කියද්දී මට හිනා ගියා

" හිනා වෙයන් තව හිනා වෙයන් ලේ පිරිසිදු වෙන්න හිනා වෙයන් "

මම හිනාව නවත්තගෙන යුන්මි දිහා බැලුවා ඒකි රවාගෙන බලාගෙන ඉන්නවා

" දැන් උබ මොනාද උදේම නැගිටගෙන කරන්නේ "

" බිංකුන්ඩෝ ගනන් කරනවා වෙඩිමක් කතා කරන්න එපා බන් නින්ද ගිහින් එපැයි බන් නැගිටින්න "

මොකද යකෝ ඒ කිව්වේ ඒ කියන්නේ මේකි ඊලගට නිදාගෙන නැද්ද

" මොකද්ද බන් ඒ හරුපේ උබ නිදාගත්තේ නැද්ද "

" නින්ද ගියේ නැ බන් දැන් ඒවායි වැඩක් නැ බන් මෙන්න මේකව නැගිට්ටවපන්කෝ මේකි කොල්ලෙක් ගැන කියවනවා "

𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now