" වෙදදුරුතුමනි.., වෙදදුරුතුමනි ඔබතුමා කොහි ද "
මහජන රෝහලේ සියලු කලබල මැද හෙදියක් මෙසේ කෑගසමින් දිව යන්නේ ඇගේ මිතුරිය අද දිනයේ ද කිසිවෙකුට නොපවසා රෝහලෙන් පිටව ගොස් ඇති බව වෙදදුරුතුමාට දැනුම් දීමටයි ඇගේ ක්රියාකලාපය වෙදදුරුතුමා ඉතා හොදින් දන්නවා අයෙක් විය
" කුමක්ද කාරනය "
" ආරෝ මහජන රෝහලේ නොමැත වෙදදුරුතුමනි "
" කුමක්ද ඈට අමතක වී ද දෙදිනකින් රාජකීය රෝහලට හෙදියන් බදවා ගැනීමේ පරීක්ෂණය බව "
" අප කුමක්ද සිදු කරන්නේ "
" ඇය පැමිනි වහාම මා දැනුවත් කරන්න
හාහ් හිතුවක්කාර කෙල්ල...."වෙදදුරුතුමා එසේ පවසා එතැනින් පිටව ගියා
____________________________________
" කොහෙද නුබ දිව යන්නේ ඔබට තවම සුව වී නොමැත "
ආරෝ එසේ පවසමින් හාවෙක් පසුපස දිව යයි
" නුබ හරි හිතුවක්කාර සාවෙක් මා නුබට පැවසුවා නොවේ ද නුබට සුව වී නොමැත බව නුබට දඩුවම් කල යුතුයි මා පැවසූ දේ නෑසූ නිසාවෙන් "
ආරෝ සාවා අල්ලාගෙන සාවාට පවසයි
" වෙදදුරුතුමා මා නොමැති බව දැනගෙන ඇති මා කුමක්ද සිදු කරන්නේ "
ආරෝ තොල පිට පෙරලගෙන කල්පනාවක එවිට ඇයට ඇසුනේ කවුරුන් හෝ වේදනාවෙන් කෙදිගාන හඩක් ඇය සෙමින් ඒ පැත්තට පියමැන්නා එවිට ඇය දුටුවේ තුවාල වී වැටී සිටින තරුනයෙක් ඇය වටපිට බලමින් තරුනයා ලගට සෙමෙන් ලං විය..
" ඔබ කවුරුවන් ද "
මද සිහියෙන් සිටි තරුනයා අසලට කිට්ටු වූ ආරෝ ඇසුවා...
" ඔ..ඔබ.. මෙ..ත..නින්.. පි..ටව.. ය..න්න "
තරුනයා අපහසුවෙන් වචන ගැට ගහගෙන කතා කලා
" ඔබ මේ අයුරින් වනයක් මැද දමා යාමට නොහැකියි ඔබ බොහෝ දුර්වලයි වහාම ප්රතිකාර කල යුතුයි "
ඇය පැවසුවේ තරුනයාගේ නාඩි පිරික්සමින්
" මදක් රැදී සිටින්න "
YOU ARE READING
𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)
Fanfictionආදරය........... සහෝදරත්වය........... යාලුකම...... වෛරය ............... මාෆියා........ ආත්ම දෙකක්..... ඔවුන් නැවත හමුවේවි ද #fan fiction only 💕