....පෙරවදන....

54 12 2
                                    

මුලින්ම කියන්න ඕන. මේ වගේ පොතක් ලියන්න මම කවදාවත් හිතලා තිබුණේ නෑ.

මේ සිද්ධිය ලංකාවට අලුත් සිද්ධියක් නෙවෙයි.
අනතුරු. නිකන් අනතුරු නෙවෙයි අලි ඇතුන්ට වෙන අනතුරු.
අලි මිනිස් ගැටුම කියාවි, අර ගැටුම මේ ගැටුම කියාවි. මොන ගැටුම උනත් නැති වෙන්නේ ජිවිතයක්.

විදුලි වැටවල් ගහනවා අරක මේක කියල ඒවට වෙන් කරන සල්ලි ලොකු ලොකු අයගේ pocket අස්සේ හැංගෙද්දි ගම් වල මිනිස්සුන්ටයි අලින්ටයි උනේ වැට ගහනවා කියලා පේන්න ගෙනත් දාපු කොටන් කෑලි ටික දිහා බලන් ඉන්න.

ඉතින් ඒවා ඔහේ තැන තැන තියෙන කොට මේ අනතුර නවතීවිද? නෑ ආයේ ආයේ එකම වෙනවා.

මෙච්චර කල් මේවා දැක්ක. දැක්කම මම අඩනවා. වෙන මොනවා කරන්නද? කියලා හිතුන නිසා.

ඒත් මෙතැනදී අහන්න ලැබුන සිද්ධිය ජිවිතයක් නැති වෙලා ඉවර උනේ නෑ. තව ගොඩක් දේවල් ගැන හිතන්න ඉඩ හැදුවා. විශේෂයෙන් මාතෘවය ගැන.

මම මේ සිද්ධිය දැන ගත්තෙ මගේ අක්කගෙන්. එයා fb එකේ පෝස්ට් බලද්දි දැකපු ලිපියක්. ලිපිය ලියලා තිබුනේ චාපා මධුභාෂණි කියන පුවත්පත් ලේඛිකාව. අක්කා මට කතා කරලා මට ඇහෙන්න ආයෙත් ඒක කියෙව්වා.

අක්කා ටික දුරක් කියවන් ගියා. ගොඩක් දවස් වලට අහන්න ලැබෙන මම අහන්න අකැමැති සිද්ධිය. පුංචි අලි පැටියෙක් කෝච්චියක හැප්පිල. ඔව් එයා නැති වෙලා.

ඉතින් කතාව එතනින් ඉවර ද?
නෑ. එයාගෙ අම්මා තාම පුංචි පැටිය එනකන් බලන් ඉන්නවා එයා දිහා.

එතනින් එහාට ලිපිය පුරාවටම තිබුණේ ඒ අම්මා ගැන. ඔව් වෙනදා වගේම මම අඩනවා. ඒත් අද අඩලා නතර වෙන්න හිත දුන්නෙ නෑ. මම පුදුම වෙලා හිටියේ. ඒ තරම්ම දුකකුත්.

මොකද එතනදි ගොඩක් අයට නොහිතෙන නොදැනෙන දෙයක් දැක්ක. එයා සතෙක්. ඒ වගේම අම්මා කෙනෙක්.

හැබැයි ගොඩක් අයට මතක් වෙන්නේ එයා සතෙක් කියන වාක්‍යය විතරයි. එතකොට එතනින් එහාට.........

එයාලට හිතක් පපුවක් නැද්ද?
දැනෙන්නේ තේරෙන්නේ නැද්ද?
එයාලා ගාව ආදරේ නැද්ද?
එයාලගෙ හිතේ දරු සෙනෙහස නැද්ද?
එයත් පැටියෙක්ව ආදරෙන් මේ ලෝකෙට ගෙනාපු අම්මා කෙනෙක් නෙවෙයිද?

අම්මා......
ඒ වචනෙ අදාළ මිනිස්සු උන අපිට විතරද?

ඒ ගැනයි මට කතා කරන්න ඕන උනේ.....

ඉතින් මේ සිද්ධියේ හැම අස්සක් මුල්ලක් ම ඇත්තම සිදුවීම් ද කියලා කියන්න බෑ. මොකද මේ මේක සිද්ධ වුන ගමේ ජීවත් වෙන මිනිස්සුගෙන් ලැබුණ තොරතුරු. ඕන කෙනෙක්ට ඕන දෙයක් ලොකු පොඩි කරලා කියන්න පුළුවන්.

ඉතින් මම මේ කතාව ඇත්ත කතාවක් කියලා නම් කරන්න යන්නේ නෑ. මම කියන්නේ එයාල කියපු දේවල් ඇතුලේ මේ කතාව ඇතුලේ හිතට ගන්න තියෙන දේ ගන්න.

ඉතින් ගම්වාසීන්ගෙන් ලැබුණ තොරතුරු නිසා මමත් මේක ගම් වාසියෙක්ගෙ කෝනෙන්ම ලියන්න හිතුවා. ඒක කතාවට සාධාරණයක් කරාවි කියලා මම හිතනවා.

ඉතින් මෙතනින් මම නවතිනවා.

ගමක පුංචි ලමයෙක් ඔයාලට ඒ කතාව කියාවි.

ඉතින් ඒ අම්මගෙ කතාව එක්ක ආයෙත් හම්බ වෙමු.

~❤️ අම්මා නම් විය ❤️~Where stories live. Discover now