"අහ්ම් අහ්ම්..."
තමන්ගේ පිටුපසින් ඇසුන කට හඬට කලින් කර කර හිටිය වැඩේ නවත්තපු ජන්කුක් හිනා වෙලාම ඉදගෙන හිටිය තැනින් නැඟිට්ටේ ඒ ඔහූගේ ටේහියුන්ග් කියා සිතලා.....
"මගේ ටේ ඔයා ආවා ද?"
නමුත් ඔහූගේ ඒ සුන්දර සිනාහව එක් නිමේෂයකින් නැති වී ගියේ ඔහූගේ ටේ වෙනුවට එතන ඔහූ බොහෝ සෙයින් වෛර කරන්නෙකු සිටගෙන සිටි නිසායි....
" තමුන් ? "
" ඔව් මං තමා....මාව බලාපොරොත්තු උනේ නැද්ද ජන්කුක්"
" ජින්හැන් මං තමුන්ට කලින් වතාවකුත් කිව්වා...මෙතන ඉන්නවා නම් මගේ ඇත්ත නමින් කතා කරන්න එපා කියලා..."
" හ්ම්ම් හරි හරි සමාවෙන්න...."
" ඇයි තමුන් මෙතනට ආවේ..."
" මං ආවේ නිකන්....එතකොටයි දැක්කේ ඔබත් මෙතන කියලා...මුකුත් වැඩක් නැති එකේ අපි ටිකක් කතා බහ කරමූ.."
" මට ඔබ එක්ක කතා කරන්න කිසිම දෙයක් නැහැ ජින්හැන්...මට මගේ පාඩුවේ ඉන්න දෙන්න..."
" ඔබට පාඩුවේ ඉන්න දෙන්න තිබ්බා ඔබ මගේ පෙම්වතා නොවුනනම්..."
" මං ඔබේ පෙම්වතා නෙමෙයි ජින්හැන්...ඔව් අපි පෙම්වතුන් වී සිටියා...ඇත්තම කිව්වොත් මං විතරයි එහෙම හිතන් හිටියේ..."
" එහෙම කතා කරන්න එපා....අපි කොච්චර සතුටින් හිටියාද?"
YOU ARE READING
His endless love 🥀 (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)
Fanfiction1950 දකුනු කොරියාවත් උතුරු කොරියාවත් අතර තිබෙන සීතල යුද්දයක් අතරතුර ගලාගෙන යන නිලධාරියෙක් සහ සෙබලෙකුගේ එක් ආදර කතාවක්..... උතුරු කොරියා හමුදාවේ සිටින සීතල හදවතකට හිමිකම් කියූ එක් තරුණ නිලධාරියෙක් අලුතින් ඔවුන්ගේ කඳවුරට පැමිණෙන සමාන්ය සෙබලෙක්ට ආදර...