~ Baekhyun's pov ~
සේහුනා... ඔයා මෙතන ඉන්නවා නේද? මන් දන්නවා ඔයා මෙතන ඉන්නවා කියලා... ඔයාට බෑ නේද ඔයාගේ හ්යුන්ග් නැතුව ඉන්න? මටත් බෑ ඔයා නැතුව ඉන්න... ඔයා හොදටම දන්නවානේ මට මේ ලෝකෙ හිටියේ ඔයා විතරයි කියලා... ඇයි?? ඇයි එහෙම කරේ?? මටත් ඔයා ළඟට එන්න ඕන මල්ලි...😢😢
ඔයා මෙතන සතුටින් ඉන්නවා නේද සේහුනා?? දන්නවා ද, ඔයාගේ හ්යුන්ග්ට නම් කෑ ගහලා අඩන්න ඕනි... ඒත් මන් අඩනවාට ඔයා කැමති නෑනේ නේද? ඔයාට එතකොට ගොඩක් දුක හිතෙනවානේ නේද? ඉතින් මන් හිනාවෙන්නම්... ඔයා වෙනුවෙන් මම හිනාවෙලා ඉන්නම්...☺☺
ඔයාලා බලනවා ඇති නේද කවුද මේ පිස්සෙක් වගේ කියවන්නේ කියලා... ඉන්න මම කියන්නම්...
මම Byun Baekhyun. අවුරුදු 29ක කොල්ලෙක්. ඒ වගේම දකුණු කොරියාවේ හොඳම Dance Academy එකක් වන OSH Dance Academy එකේ CEO.
පොඩි කාලේ ම ඔම්මායි අප්පායි මාව අතෑරලා දාලා ගියාම මම හැදුනේ වැඩුනේ ළමා නිවාසෙක... මම හැමදාම දෙවියන්ගෙන් ඉල්ලුවේ......... මොනා ඉල්ලුවා කියලා ද ඔයාලා හිතන්නේ? ඔම්මාවයි අප්පාවයි ද? නෑ... එයාලා මාව දාලා ගියේ එයාලාට මාව ඕන නැති නිසානේ... ඉතින් ඇයි මන් ආපහු එයාලා ව ඉල්ලන්නේ? 😐 මම හැමදාම ඉල්ලුවේ, මගෙ දුක, තනිකම බෙදා ගන්න පුළුවන් කෙනෙක්ව. මගෙ තනිකම මකන්න පුළුවන්, මට සතුට දෙන්න පුළුවන් කෙනෙක්ව. මට ඕන වුණේ අමාවක අඳුර මකලා දාලා රෑ අහස ම එළිය කරන්න පුළුවන් පුර හඳක්...🌙💕
මීට අවුරුදු 07කට කලින් මගෙ ජීවිතේම එළිය කරපු ඒ පුංචි Angel ව මට හමුවුණා...අදටත් මන් ජීවත් වෙන්නේ එයා හින්දා... මන් වගේම මේ ලෝකෙ තනිවුණු ඒ පුංචි කොල්ලා ව මට මුණගැහුනේ University එකේදී... එදා ඉදන් එයා තමයි මගෙ ඔම්මා,අප්පා,මගෙ හැමදේම... මගෙම නොවුණත් මගෙ සහෝදරයා...💞💞
කවුරුහරි හිතනවා නම්, සහෝදරයෝ වෙන්න ලේ බැඳීමක් ඕන කියලා... මම නම් කියන්නේ 'නෑ' කියලා...ලේ බැඳීමක් විතරක් තියෙන, එකිනෙකා මරාගන්න, නමට විතරක් සහෝදරයෝ ඉන්න මේ ලෝකෙ...කිසිම ලේ බැඳීමක් නැති, ඒත් තමන්ගේ පණටත් වඩා ආදරේ කරන අපි වගේ අයත් මේ ලෝකෙ ඕනතරම් ඉන්නවා. ඒකයි ඇත්තම සහෝදරකම කියන්නේ...💗💗💗
කොහොම උනත් ඒ පිස්සු කොල්ලා මගෙ ජීවිතේට ආපු දවසේ ඉදන් අපි දෙන්නාම ගොඩක් සතුටින් හිටියේ... තාමත් මම ඒ මතකයන් අස්සේ අතරමං වෙලා. අවශ්‍ය නැහැ මට ඒ මතකයන්ගෙන් මිදෙන්න. ආසයි හැමදාම උනත් ඒ මතකයන් අස්සේ හිරවෙලා ඉන්න. 💝ළා නිල් පැහැති අහස් තලයට ඇස් යොමාගෙන මම නැවත සිහිකළේ සතුටින් ගෙවුණු ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු, මේ හැමදේකම පටන්ගැන්ම සිදුවුණු ඒ දවස ගැන...💔💔
_Flashback_
Dr. : I'm sorry mr.Byun. ඔයාට තව මාස දෙකක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ... ඉක්මනින් ම heart donate එකක් කළේ නැත්නම්......😑😑
Baek : හරි ඩොක්ටර්, මට තේරුම් ගන්න පුළුවන්...😐
Dr. : ගැළපෙන heart එකක් හම්බුන ගමන් මම පණිවිඩයක් දෙන්නම්...
Baek : Ok doctor...
~few weeks ago~
සති හතක්ම ගෙවිලා ඉවර වුණේ මට ජීවත් වෙන්න තියෙන කාලයත් ටිකෙන් ටික අඩු කරමින්... මීට අවුරුදු 4කට කලින් නම් මම මේ ගැන සතුටු වෙන්න තිබුණා. මොකද එතකොට මන් මේ ලෝකෙ තනිවුණු කෙනෙක්, මන් වෙනුවෙන් කවුරුත් හිටියේ නෑ. ඒත් දැන්, මන් කොහොමද අර අහිංසකයාව මේ ලෝකෙ තනිකරලා දාලා යන්නේ?? මට බෑ... මට බෑ... ඒත් මන් මොනවා කියලා කරන්නද?? උබව තනි කරලා දාලා යන්න වෙනවා කියලා හිතෙන තත්පරයක් තත්පරයක් ගානේ පපුව පිච්චිලා යනවා.💔💔 මට සමාවෙන්න සේහුනා... ඔයාගේ හ්යුන්ග්ට සමාව දෙන්න...😢💔
Park එකේ ඇවිද ඇවිද ඉන්න සේහුනා දිහා බලාගෙන මම හිතින් සමාව ගනිද්දී, පපුවෙන් දැනුනු ලොකු වේදනාවත් එක්කම මම පපුවත් අල්ලන් එහෙමම බිම වාඩිවුණා... 'හ්යුන්ග්' කියලා කෑ ගහගෙන මන් ළඟට දුවගෙන ආපු සේහුනාගේ අත් අතරට මාව මැදි වෙද්දී, ඒ උරහිසට ඔලුව තියාගෙන මම ඇස් පියාගත්තේ වටපිටාව ම අඳුරු වෙලා යද්දී....
______________________________________________
කෝමත කතාව...
Baekkie ව මරන්න කියන අය මේ කොනට...👉👉
කතාව ගැන හිතෙන දේ comment කරන් යන්න... මන් ආසයි ඔයාලාගේ අදහස් දැනගන්න...
ඒනම් මන් ගියා 👋👋
Yuna 💖
YOU ARE READING
🍁 Fraternity Between Two Angels 🍁 [ Short FF ]
Fanfictionහැම භවේකම මගෙම හ්යුන්ග් වෙලා, මේ ආත්මෙදි මට දුන්න ආදරේ ඒ විදිහට ම ආයෙත් මට දෙන්න... ~ Sehun ~ හැම භවේකම ඔයාගෙම හ්යුන්ග් වෙලා මීටත් වඩා ආදරෙන් මම ඔයාව බලාගන්නම්... ...