🍃Chapter 03🍃

103 22 30
                                    

කලින් chapter එකේ වැරදුණු තැන් තියෙන්න ඇති. මම ඊයේ දෙපාරක් බැලුවේ නෑ. Sorry වේවා... ඒ වගේම මම ඔය ලෙඩයි, hospital ගැනයි වැඩිය දන්නේ නෑ... ඉතිම් මන් අතින් වැරදි වෙයි... සොරි හොදේ... වැරැද්දක් දැක්කොත් කියන්න මට...
____________________________________________________

Park එකේ ඇවිද ඇවිද ඉන්න සේහුනා දිහා බලාගෙන මම හිතින් සමාව ගනිද්දී, පපුවෙන් දැනුනු ලොකු වේදනාවත් එක්කම මම පපුවත් අල්ලන් එහෙමම බිම වාඩිවුණා... 'හ්යුන්ග්' කියලා කෑ ගහගෙන මන් ළඟට දුවගෙන ආපු සේහුනාගේ අත් අතරට මාව මැදි වෙද්දී, ඒ උරහිසට ඔලුව තියාගෙන මම ඇස් පියාගත්තේ වටපිටාව ම අඳුරු වෙලා යද්දී....
.
.
.
.
.
.
.
.
ඔලුව පැලෙන්න තරම් කැක්කුමකුත් එක්ක මම හෙමින් හෙමින් ඇස් ඇරලා බැලුවා එක පාරට ඉන්නේ කොහෙද කියලා හිතාගන්න බැරි වුණත්, අතට ගහලා තිබුන කැනියුලා එක හින්දා මම ඉන්නේ hospital එකේ කියලා තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ...

ආහ්.... කොහොමද මම hospital එකට ආවේ? එ...එතකොට සේහුනා කොහෙද?

ඒත් එක්කම room එකේ දොරත් ඇරගෙන ඇතුළට ආවේ Dr.Kim

Baek : Doctor, ම...මම??

Dr. : බය වෙන්න එපා mr.Byun... දැන් ඔයාට ප්‍රශ්නයක් නෑ...

Baek : ඒ කිව්වේ? 😶

Dr. : Surgery is successful... ඒත් තව ටික වෙලාවක් හරි පරක්කු වුණා නම්, අපිට ඔයාව බේරගන්න අමාරු වෙන්නත් තිබුණා....

Baek : 😶😶😶

දෙවියනේ.... ඒ කියන්නේ.... ඒ කියන්නේ මම දැන්ම මේ ලෝකෙන් යන්න ඕන නෑ... මට මගෙ මල්ලිත් එක්ක තව කාලයක් සතුටින් ඉන්න පුළුවන් වෙයි. Thanks god... Thank you very much.

ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා මම දැනගෙන හිටියා නම්, කවදාවත්ම මම දෙවියන්ට ස්තූතියි කරන්නේ නෑ... අදටත් මට හිතෙනවා, අනේ ඒ වචන ටික ආපහු ගන්න පුළුවන් වුණානම් කියලා 💔💔

Baek : ඒත් doctor, heart එකක්....කවුද ඒ??

Dr. : ඔයා දැන් rest කරොත් හොදයි. අපි පස්සේ කතා කරමුකෝ...☺☺

Baek : Doctor, මගෙ මල්ලි... එයා කොහෙද? එයා ද මාව hospital admit කළේ?

Dr. : අහ් ද්...දේ, එයා තමයි ඔයාව admit කළේ...

🍁 Fraternity Between Two Angels 🍁 [ Short FF ] Where stories live. Discover now