මම ඉක්මනට එතනින් දුවන් කැෆටේරියා එකට යද්දී බින් ටේබල් එකක ඉදගෙන කම්මුලට අතකුත් තියන් කැෆටේරියා එකෙන් පේන එලිය දිහා බලාගෙන ඉන්නවා මම ඈත තියාම දැක්කා..
ඉක්මනට මම මගේ කකුල ඉක්මන් කරලා බින් ගාවට ගියේ එයා මන් එනකන් කෑම කන්නේ නෑ කියලා දන්න නිසා..
බින් ලගට ගිය යේරි කලබලෙන් වගේ බින්ට එහා පැත්තේ තිබ්බ පුටුවෙන් වාඩි උනේ නලලේ කෙලවරක ගලන් ගිය දාඩිය බින්දුවක් අතේ කෙලවරකින් පිහිදාන ගමන්..
ඇත්තටම මම හිටියේ බය වෙලා..උන දේවල් , දැක්ක දේවල් මේ හැම දෙයක්ම මාව කලබල කරලා වගෙම බය කරලා..
පුටුවක් අදින සද්දයක් ඇහුන නිසා බින් එයාගේ එලියට යොමු වෙලා තිබ්බ ඇස් සද්දේ ඇහුන පැත්තට හැරෙව්වේ තමන් වාඩි වෙලා ඉන්න ටේබල් එකට ආවේ කවුද කියලා බලන ගමන්..
එතකොට තමා එයා දැක්කේ කලබලෙන් වගේ අතේ ඇගිලි එහාට මෙහාට කරන යේරිව..යේරිව දැක්ක ගමන් බින්..
"කොහෙද ගියේ යේරී.."
"ආහ්..මම මේ..මම ලයිබ්‍රි එකට ගියානේ..ඒකයි.."
"ඇත්තට.."
බින් ඇහුවේ එයාගේ නලලත් රැලි කරන්..බින් අහපු විදිහට ඇත්තටම මට අමුතු බයක් දැනුනා..ඒ නිසාම වෙන්න ඇති මට ගොත ගැහෙන්නත් ඇත්තේ..
"ඔ..ඔව්..ඇයි.."
"නෑ..පරක්කු උන නිසා ඇහුවේ.."
බින් කිව්වේ එයාගේ අත් දෙකත් පපුව මැද්දෙන් බැද ගන්න ගමන් මන් දිහා කෙලින් බලන ගමන්..
"ආහ්..ඒකද?? චුට්ටක් පරක්කු උනා.."
බින් ඒ එක්කම වගේ එයාගේ අතේ බැදලා තිබ්බ වොච් එක බලලා..
"ඔව්..පැය භාගේකටත් වැඩි.."
බින් ඒක කියලා ඉවර වෙනවත් එක්කම වගේ ඉන්ටර්වල් එක ඉවර වෙන්න බෙල් කරපු නිසා..
"කමක් නෑ..දැන් කන්න වෙලාවක් නෑනේ..ක්ලාස් එකට යන්.."
එහෙම කියලා බින් ඉදන් හිටපු තැනින් නැගිටලා එතනින් ගියේ මන් දිහා නොබලා..
මමත් බින්ගේ පස්සෙන් හිමින් සැරේ ගියේ මගේ හිතෙන්ම ප්‍රශ්නයක් අහන ගමන්..
YOU ARE READING
💐𝑴𝒚 𝑮𝒍𝒂𝒅𝒊𝒐𝒖𝒔 𝑭𝒍𝒐𝒘𝒆𝒓 ||𝑷𝑱𝑴|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Fanfictionසිත් රිදවීම් , ප්රතික්ෂේප වීම් අතරේ ශක්තිමත් ඌ සිහිනයක්.. - Park Jimin Fan Fiction - My Gladiolas Flowers ©December 2021 Boboo_kitty