Company එකේ meeting එක ඉවර වෙච්ච ගමන් මම ගියෙ beach එකට . මට එතන ලොකු වැඩක් තිබ්බා කරන්න . කොහොම හරි එතන වැඩ ටික බලලා මම ගියෙ Jewelry Shop එකට . එතනිනුත් පැයකට පස්සෙ එලියට ආපු මම කෙලින්ම ගියෙ ගෙදර. මම ගෙදර යද්දි 6.00 යි. මම යද්දි මගේ බබා ලස්සනට ඇදගෙන මම එනකම් බලන් ඉන්නවා. ඌව් එයා හරි ලස්සනයි වෙනදටත් වඩා ලස්සනයි .
" බබා ඔයා ඉක්මනට ලෑස්ති වෙලා නේ. ඔයා අද ගොඩක් ලස්සනයි."
" බොරු කියන්න එපා ටේ. කලින් ලස්සන නැද්ද මම."
" අනේ මගේ පැටියා හැමදාම මට ලස්සනයි ඒත් අද ඊටත් වඩා ලස්සනයි."
" ටේ... අපි යන්නැද්ද? "
" ඉන්න බබා මම ඉක්මනට wash එකක් දාගෙන එන්නම්"
1 hour later 🕖
@Beach 🏝️" ටේ අද මෙතන ගොඩක් නිස්කලන්කයි නේද. අද හදත් තියෙනවා හරි ලස්සනයි එදා අපි දෙන්නා හම්බෙච්ච දවස වගේ මට හිතාගන්න බෑ මෙච්චර ඉක්මනට කාලය ගියා කියලා. "
" බබා දෙයක් දන්නවද. ඉස්සර මම හදට වයිර කලා."
" ඒ ඇයි "
" මොකද කිව්වොත් මගේ මුලු ලෝකෙම වෙලා හිටිය මගේ ඔම්මයි අප්පයි දෙන්නම මේ වගේ හද පායලා තිබ්බ දවසක තමයි මාව මේ ලොකෙ තනිකරලා ගියේ . මට හද දකින දකින වාරයක් පාසා ඒදෙ මතක් වෙනවා. ඒත් මට ඒ හදේ එලිය නිසාම දවසක් පුංචි සුරදූතයෙක්ව හම්බුනා. ඒ සුරදූතයා අහම්බෙකින් හරි මගේ ජිවිතෙට ඇවිල්ලා මගේ අදුරු ලෝකෙ හදක් වගෙ එලිය කලා. ඉතින් දැන් මම ඒ හදට ආදරේ කරනවා. ඒ වගේම මගේ චුටි සුරදූතයටත්."
මම ඒම කිව්වම මගේ බබාගෙ ඇස් වල කදුලු පිරිලා. එයා තොල හපාගෙන ඉකිය නවත්තගෙන ඉන්නවා. ටිකකින් එයාගෙ රෝසපෙති වගේ කම්මුල් දෙගේ කදුලු ගලාගෙන යනවා. ඒවා හදඑලිය වැටිලා මුතු කැට වගේ දිලිසෙනවා.
" එ..... එත්තකොට ඔයාට ආදරේ කරන්න එක්කෙනෙක් ඉන්නවද. එ... එ.. එයා ලස්සනද."
හම්මෝ මේ කෝලමට දුක හිතිලද කොහෙද 🤭
" හම්ම්ම් ඔව් එයා ගොඩාක් ලස්සනයි හදේ ඉන්න හා පැටියා වගේ. "
ඒක කිව්වමනම් පොඩ්ඩක් ඇස් දෙක ලොකු කරන් මගේ දිහා බලාගෙන හිටියා. දන්නෙම නැතුව ටිකෙන් ටික අපි දෙන්න කතාවපිටම මට ඕනි තැනට ඇවිල්ලා.
YOU ARE READING
𝐌𝐨𝐨𝐧 𝐋𝐢𝐠𝐡𝐭 𝐋𝐨𝐯𝐞𝐫𝐬
Short StoryThe moon is the reflection of your heart and moonlight is the twinkle of your love🍂