මම සුදු මැණික... නෑ නෑ එක මගේ ඇත්ත නම නෙවෙයි...
මගේ සුදූගේ සුදූ මැණික මම..එයා තමා ඒ නම මට දැම්මේ..
මම තාම ඉස්කෝලේ යන අහිංසක ළමයෙක් හේ හේ... ඔව් ඔව් සුදුත් මයේ ඉස්කෝලේ ම තමා.. එත් එයා එහා පන්තියේ මම මෙහා පන්තියේ
කාටද කියන්නද මේ අවනඩුව...
"තව විනාඩි පහකින් පේපර් එක එකතු කරනවා තව වෙලාව ඕන අය ඉන්නවද?"
හත්තික්කේ අපේ ක්ලාස් ටීචර් නෙත ඒ.. අහ්හ් හුටා පේපර් එක.. මට අමතක උනා හුවැ...මදැයි සුදූ ගැන හිත හිත මනෝ ගැහුවා..
"මිස් මිස් මේ මම තව ලියනවා.."
මම උඩ පැන පැන එහෙම කියනකොට පේපර් එක ගන්නකම් හිටපු සෙට් එකම මගේ දිහා ඩේවල් දාලා කන්න වගේ ලුක් එකකින් බලන් හිටියා... දන්නේ නැද්ද ඉතින් ටිකක් ඩාම් වෙනවා ඩුම් වෙනවා ඉතින්...
"වෙලාව හරි.. හැමෝම මෙතනින් පේපර් එක ගෙනත් තියන්න.."
"අනේ මිස් ඉන්නෝ..."
මම අන්තිම ටික ලියන ගමන් කෑ ගැහුවා. ගැහුවා නෙවේ ඉතින් ගැහුනා...
"වෙලාව හරි ජානු ඕක මෙහෙ ගෙන්න..."
මිස් කොච්චර කෑ ගැහුවත් මම නෙවෙයි කනකට ගත්තේ අන්තිමට පේපර් එක මගේ අතින් උදුරන් යනකම් මම පේපර් එක ලිව්වා..
කමක් නෑ ජානු ලිව්වා කියලා ඇති වැඩක් නැනේ තොට කොහොමත් ලකුණු නැනේ.. මම මාවම සනසගෙන මගේ යාළුවා කෙනු ගාවට ගියා..
"පේපර් එක හෙනම ලේසි නේත.."
කෙනුවා ඇහුවා.. ඔව් ඔව් ලේසි කියන්නේ අනිත් පැත්ත තමයි ඉතින්.. හේ හේ...
"සියලු දේ අනිත්‍යයි බන්..මම බුද්දාගම පොත කියවලා තව ටිකෙන් මහන වෙන්න යනවා"
මම කිව්වා... එක අහපු කෙනු...
බඩ අල්ලන් හිනා උනා...
"කගෙන්ද උබ ඔය වාක්‍ය ඉස්සුවේ.."
අහන කැත විතරක්... උලමි.. මන් එහෙම හිතුවා විතරයි කිව්වේ නෑ. පෝයත් ලග එකේ සත්තුන්ගේ හිත් රිද්දලා පව් පුරෝගන්න නරකයි හුම්..
YOU ARE READING
|| සුදූ මැණික || short story || Completed ||
Fanfictionමම සුදු මැණික.. නෑ නෑ මගේ ඇත්ත නම එක නෙවෙයි.. මගේ සුදුගේ සුදූ මැණික..