2 කොටස

261 46 51
                                    

සුදූලගේ පන්තියේ තව ළමයි දෙන්නෙක් හිටියා.. අපිට නම් ගානක් නෑ අපි කොයි වෙලෙත් එකේනේ ඉන්නේ... කොහොමත් විබාගේ නිසා එයාලට දීලා තියෙන්නේ අපේ පන්තිය...

අවර් ස්කුල් අවර් ක්ලාස්...

"ආ උබලා ඉන්නේ අපේ පන්තියේ නේ දැන්... ආයේ උබලගෙන් අවසර ගන්න ඕන නෑ මම මෙතන වාඩි වෙනවා.."

මම පැනපු ගමන් ළග තිබ්බ ඩේස් එකක් උඩ පස්ස තියාගත්තා.. එක දැක්ක සුදූ මාව එයා ලගට අරන් වාඩි කරගත්තා..

අනේ මන්ද මෙයා නම්.. ලැජ්ජයි අප්පා... හේ හේ...

මම ඉදගෙන මගේ ලගට සිනේ කාරයාව ඇදල ගන්න හැදුවා විතරයි මේ යකා මොකද්ද එක කැඩිච්ච කඩියා වගේ දගලාපි... අපරාදේ මු චිත්‍ර කලේ.. නැටුම් කලා නම් අපිවත් පහු කරලා..

"මොකද යකෝ මේ දගලන්නේ, හැමදාම එහෙමද?"

"ඔව් බන් ඕකි ඔහොමමයි"

රෂි කියද්දී ජෙසී ඔරවලා බැලුවා.. අම්මොහ් ඒක...

"ඉතින් උබ කොහොමද අනාගතේ ඒකවත් කරන්නේ ශික් බන් උබ..."

මම කිව්ව එක තේරිලා සුවහසක් වට්පැඩ් පාටක මගේ මිතුරු කැලට හිනා ගියා නොව..

ඔව් ඔව් ඔකුන්ගේ වල් හිත්... මන් නම් අහිංසක හුවෑ...

"යකෝ මාව මරපංකෝ බන්.."

තාරු ඩේස් එකට ගගහා හිනා වෙනවා.. කෙනු නම් හිනාව කාගෙන ඉන්නවා... රෂිත් වෙනසක් නෑ.. අගතියට පත් පර්ශවෙත් රව රව හිනා වෙනවා.. එත් ජෙසී... හුහ් ඒ මුණේ දුම් දානවා... බලන්නත් බයයි..

කොහොමින් කොහොමහරි අපි ඉදගෙන අපේ ලිද ලග සංගමේ වැඩ පටන් ගත්තා.. දන්නවනේ ඉතින් ගෑනු නේ...

හම්මට මෙන්න යකෝ අපේ පන්තියේ අලුත් බාන්ඩයක්... හෑ යකෝ ඔරලෝසුවක්‌ කොහෙන්ද ආවේ බිත්තියට...

"ඒ බන් මේ අර ඔරලෝසුව කොහෙන්ද?.."

මම අහන්න කලින්ම කෙනු ඇහුවා...

"වෙන කාගේද ඉතින් අපේ මිසක්.."

සුදූ කිව්වා... ඔරලෝසුව නිසා අඩි දෙක තුනක් උඩින් ඉන්නේ මයේ හිතේ..

"හා හා කාරී නෑ.. ඇයි බන් මෙහෙ මෙච්චර රස්නේ ෆැන් එක දාපංකෝ.."

මම කිව්වේ ඉවසන්න බැරිම තැන..

|| සුදූ මැණික  || short story || Completed ||Where stories live. Discover now