වසර දොළහකට පසු...
"සුදූ මැණික..."
මගේ ඉන වටේ ශක්තිමත් අත් දෙකක් එතෙද්දී මම හෝද හෝද හිටිය පිගාන ආයෙම සින්ක් එකටම අත ඇරුනා... හොද වෙලාවට ඒක බෙලෙක් එකක් උනේ නැත්නම් මෙලහට ඒක බිදිලා...
"යා... එහාට වෙන්නකෝ.. සුදූ දකීවි..."
"දැක්කත් මොකද? මගෙනේ.. "
"කව්ද?"
"ඔයා.."
එයා මට රහසින් කියද්දී මට දැනුනා මගේ කන් පෙත්තේ එයාගේ උණුසුම් සුසුම් වදිනවා...
අපි ගොඩ වෙලාවක් එහෙමම ඉන්න ඇති.. වචන මොකටද කතා කරන්න.. මේ දැනෙන හැගීමම ඇති...මම ඇස් පියාගෙන එහෙමම හිටියා...මම ආසයි ඒකට...
"ම්හ්... ම්හ්.."
මම ඇස් දෙක ඇරියේ අපේ පිටිපස්සෙන් ඇහුනු සද්දෙත් එක්ක...
අහ්හ් සුදූ.. අය්යෝ මම කිව්වා මෙයාට.. දැන් ඉතින් විසුමක් වෙන්නේ නැ...
"ඔහ් කපල් එක ලව් කරනවා වගේ..."
සුදුගේ මුණේ තිබ්බේ මහා කුපාඩි හිනාවක්.. ශික් මෙකි මෙවෙලේම ආවේ ඇයි..
"ඔව් ඇයි මොකද?"
මගේ එහාපැත්තෙ හිටපු එයා සුදූ ට උත්තර දුන්නා..
"පාර මැද ලව් කරන්න එපා බන් අය්යේ.. කාමරේට පලයන්කෝ.."
"යා තමුසේ කොහොමද මට එහෙම කතා කරන්නේ මම තමුන්ගේ අය්යා.."
"හහ් අනේ මේ යනවා යන්න.. තප්පර දෙකයි වැඩිමල්.. අවා මෙතන එක එක ඒවා කියාගෙන.."
"යා රෂි ජයසේකර...."
"ඇයි මොකද ශාක්ය ජයසේකර..."
සුදූ ගේ මුණේ තිබ්බ පල් හිනාව එහෙමම තියෙද්දී මම බැලුවේ මගේ ආදරණිය හබිගේ මුණ දිහා.. බලන්න දෙයක් නැ එක නම්.. තෙල් තාච්චියට අබ ගැහුවා වගේ...
"අහ්හ් මේ ඕක ඇති නේද? මේ සුදූ ඔයා දැන් කාමරේට යන්න මම මේ ටික අස් කරලා එන්නම්..."
තත්වය සමනය කරන්න ඕන නිසා මම සුදුගේ අතින් ඇදගෙන කුස්සියෙන් එලියට එක්කන් ගියා.. තව ටිකක් වෙලා හිටියා නම් කුස්සිය පොර පොල් පිටියක් වෙනවා.. තැනක් නොතැනක් නැ මේ අය්යා නගෝ දෙන්නට නම්..
YOU ARE READING
|| සුදූ මැණික || short story || Completed ||
Fanficමම සුදු මැණික.. නෑ නෑ මගේ ඇත්ත නම එක නෙවෙයි.. මගේ සුදුගේ සුදූ මැණික..