( අවුරුදු හතරක පෙර )
(1950)
ජන්කුක්වත් රැගෙන කෑලේ මැද්දට දුවගෙන ආව ටේහියුන්ග් අවසානේ ඔවුහුගේ ගමන නැවැත්තුවේ ජන්කුක් එක දිඟටම තේරුමක් නැති ප්රශ්න අසපු නිසා....
ටේහියුන්ග්ට ජන්කුක්ගේ නිමක් නැති ප්රශ්න සඳහා පිලිතුරු දීමට වඩා ඔහූට වැදගත් උනේ ජන්කුක්ව ආරක්ශිතව නැවතත් දකුණු කොරියාවට යවා යුද්දය සඳහා නැවත පිටවීමටයි.......
ජන්කුක්ගේ කිසිම පැනකයට ටේහියුන්ග් උත්තර දෙන්න අදිමදි කරපු එකෙන් තමා ඉන්න තැනින් අඩියක්වත් හොලවන්නේ නැහැයි කිව්ව ජන්කුක් මුරණ්ඩු ලෙස හැසිරුන නිසා තමන්ගේ මුලු සැලැස්මම වතුරේ යයි කියලා බය උන ටේහියුන්ග් පලවෙනි වතාවට ජන්කුක්ට කෝපයෙන් කෑගැසුවේද ආදරේ වැඩි කමට...
මෙච්චර දවසක් ජන්කුක්ගේ ඇත්ත දැන ගෙනත් එය හිත ඇතුලේ සඟවා සිටි ටේහියුන්ග්ට කේන්තියත් සමඟම ඒ හැමදේම කටින් පිට උනේ ඉබේම වගේයි.....
ටේහියුන්ග් ඔහූගේ හැමදේම දැනගෙන කියා තේරුම් ගත් ජන්කුක් පුදුමෙන් දෑස් ලොකු කර ගත්තාත් ඊලඟ මොහොතේ ඒ හිත බියෙන් තැති ගත්තේ ටේහියුන්ග් ඔහූගේ තුවක්කුව ජන්කුක් අත උඩ බලෙන්ම ගුලි කර එය ඔහූගේම පපුවට තද කරගත් නිසා....
ටේහියුන්ග් ගැන මුල් කාලේ වෛරයෙන් ඒ හිත පිරි ගියාත් අවසානේ ටේහියුන්ග්ගෙම ආදර වදන් ඒ හිත තුල ආදරයක් හට ගන්න උදව් කරපු එකෙන් ජන්කුක් නොදැනුවත්වම ඒ වෙනකොට ටේහියුන්ග්ට මහ මෙරක් තරම් ආදරේ කරන්න පටන් අරන් තිබ්බා.....
තමන්ගේ නිලතල , තමන්ගේ පදකම් මේ සියල්ලම පොලොව යට පස් කෙරූ ජන්කුක් ඔහූගේ ආදරය ඉස්සරහ දනින් වැටි සමාව අයැදුවේ ඔහූට හැමදේටම වඩා ටේහියුන්ග්නුත් ටේහියුන්ග්ගේ ආදරේත් වටින නිසා...
ජන්කුක් , ඒ ටේහියුන්ග්ගේ ආදරයයි...ටේහියුන්ග්ගේ ජිවීතයයි......ඔහූ යමකට වෛර කරයි නම් ඒ අන් කවරක් නොව ඒ ජන්කුක්ගේ දිලිසෙන දෑස් වලින් කඩා හැලෙන කඳුලු බිංදුයි....
මොන තරම් ලොකු රැවටිමක් කරාත් ජන්කුක්ට ප්රමාද නොවීම සමාව දුන් ටේහියුන්ග් ඔහූගේ සැලැස්ම විදිහට ජන්කුක්ව අයිති තැනට යවන්න සැරසුනාත් ජන්කුක් එය දෙවරක් නොසිතාම ප්රතික්ෂේප කරේ ටේහියුන්ග් නැති ජීවිතයක් ඔහූටද වැදගත් නැහැයි කියමින්....
YOU ARE READING
His endless love 🥀 (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)
Fanfiction1950 දකුනු කොරියාවත් උතුරු කොරියාවත් අතර තිබෙන සීතල යුද්දයක් අතරතුර ගලාගෙන යන නිලධාරියෙක් සහ සෙබලෙකුගේ එක් ආදර කතාවක්..... උතුරු කොරියා හමුදාවේ සිටින සීතල හදවතකට හිමිකම් කියූ එක් තරුණ නිලධාරියෙක් අලුතින් ඔවුන්ගේ කඳවුරට පැමිණෙන සමාන්ය සෙබලෙක්ට ආදර...