~34~

1.1K 302 62
                                    

"අහ්හ්..මාව බිමින් තියන්නකෝ..අනේ.."

"තව ටිකයි.."

"අනේ තියන්නකෝ..."

ජන්ග්කුක්ගෙ බෙල්ල බදාගෙන ජිමින් නාහෙන් අඩන්න පටන් ගත්තෙ එයාව බිමින් තියන්න කියලා.. නිදන කාමරයට යන්න ඔන්න මෙන්න තියෙද්දී ජිමින්ව බිමින් තියපු ජන්ග්කුක් ජිමින්ව දාලා යන්න ගියා.

ජන්ග්කුක් යන දිහා තොල් උල් කරගෙන ජිමින් බලාගෙන හිටියෙ හිතේ කුප්ප අදහසක් තියාගෙන.

හිමින් සීරුවෙ ඇඟේ තිබ්බ එකම ඇඳුම ගලවලා දැම්ම ජිමින් මහ හයියෙන් හෙනයක් ගහද්දි කාමරේ ඇතුලට ආවා..ඩුවට් එක හදලා ජිමින් දිහා බලපු ජන්ග්කුක්ගෙ ඇස් ලොකු උනේ ජිමින් ඉන්නේ නිරුවතින් කියලා වැටහිලා..

"ඇයි ඔහොම ඉන්නේ..මොකද ඒක ගැලෙව්වෙ ආ..වහිනවත් එක්ක..ඔයාට සීතල නැද්ද...?"

"සීතලයි..."

ජිමින් ජන්ග්කුක් ළගට ඇවිදගෙන එන ගමන් කිව්වා.

"එහෙනම් ඒක ඇඳගන්න.."

කලුවරේ උනත් ජිමින්ව දිලිසෙද්දි ජන්ග්කුක්ට ඒ දිහා බලාගෙන ඉන්න අමාරු උනා.

"බෑ..."

ජන්ග්කුක් ළගටම ඇවිත් කිව්ව ජිමින් ජන්ග්කුක්ගෙ අත් දෙක තමන්ගෙ ඉණ වටේ පටලගත්තා.. ජන්ග්කුක් ටිකෙන් ටික ආයෙමත් නොසන්සුන් වෙන්න ගත්තේ ජිමින්ගෙ බැල්මත් එක්ක.

"මේ මහ රෑ ඔයාට මාව බාත්රූම් එක ඇතුලෙ කෙදිරිගානවා අහන්නද ඕනෙ..?"

ජිමින්ගෙ සිනිදු අත් ජන්ග්කුක්ගෙ උරහිස දිගේ ඉහලය යන දිහා බලාගෙන ජන්ග්කුක් අහද්දි ජිමින් යටිතොල හපාගත්තා..

"ඇයි මෙතන බැරිද...?"

"ප්ලීස් ජිමින්...මේක නවත්තන්න..ඇති දැන්..ඔයාට මොකද උනේ..ඇයි මෙහෙම හැසිරෙන්නේ..?"

"මට මුකුත් වෙලා නෑ..."

ජිමින් කියද්දි ඒ ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය ජන්ග්කුක් ජිමින්ගෙ තොල් උඩින් පෙක් එකක් තියලා ජිමින්ගෙ ඉණෙන් උස්සලා ඇඳ උඩට විසි කලා..

"දැන් නිදාගන්න.."

සන්සුන් විදියට මුමුණපු ජන්ග්කුක් ඇඳට නැග්ගෙ ජිමින් රවාගෙනම ඩුවට් එක අස්සට ගුලි වෙද්දි..

'ඔයා තාම ඒකට ලෑස්ති නෑ ජිමින්...'

ජිමින්ගෙ ඉණ වටේ අතක් යවලා එයාව බදාගත්ත ජන්ග්කුක් ජිමින්ගෙ බෙල්ල මුල හාදුවක් තියන ගමන් හිතුවා..




----------------------------------------------

To be continued..!!

මලෙන් ඇවිත් සතියක් ගියෙ නෑ..
Yacai yacai jimina 🙂👏

My Little Camellia | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈシ︎Where stories live. Discover now