~52~

1.2K 283 119
                                    

දවස් පහක් ගෙවිලා ගියත් ජිමින්ගෙ වමනෙ යාම නම් තාම සුව වෙලා නෑ.. හැමදාම උදේට ජිමින් වමනෙ කරනවා..එදා ඩොක්ටර් දීපු බෙහෙත් බිව්වත් ජිමින්ට හොඳ වෙච්ච නැති නිසා ජන්ග්කුක් හිටියෙ මහ ප්‍රශ්නෙක හිර වෙලා..එයාට තිබුන ප්‍රශ්නෙ සුරදූතයන්ට මනුස්ස බෙහෙත් හරියන්නැද්ද කියන එක..

ගෙවුනු දවස් පහ ඇතුලත ජිමින් දුකෙන් හිටියෙ එයාගෙ ජන්ග්කුක් එයාව ගෙදරින් එලවයි කියලා..ඒක නිසා ජිමින් හරි කෑමක් බීමක් ගත්තෙත් නෑ..නිදාගන්න එක විතරයි කලෙ..

"ජිමින්..ඔයාට තාම අමාරුයි ද බබා..."

"කලින් තරම් නෑ.. හැබැයි කකුලුයි කොන්දයි රිදෙනවා..."

ජිමින් ඇඳ උඩ වාඩි වෙන ගමන් බිම බලාගෙන කියද්දි ජන්ග්කුක් ජිමින්ගෙ අත් දෙක පිරිමදින්න ගත්තා.

"බබා ඇඳෙන් බැහැලා එන්නකො..අපි මූණ හෝදගමු..."

"හ්ම්..."

ජිමින් අකමැත්තෙන් උනත් ඔලුව වැනුවෙ ජන්ග්කුක්ට කරදර කරන්න තියෙන අකමැත්තට..

"ඕ බබා.. ඔයාගෙ කකුල් ඉදිමිලානෙ..."

ජිමින් පොළවට අඩිය තියද්දි ජන්ග්කුක් ඇස් ලොකු කරගෙන ජිමින්ගෙ කකුල් දිහා බැලුවා..ඒවා ඉදිමිලා..ජිමින් ඇස් දෙක බලු කුක්කෙක් වගේ හදාගෙන ජන්ග්කුක් දිහා අසරණ විදියට බැලුවා..එයාටත් මේක අමුතුයි.. කලින් ආත්මෙවත් මෙහෙම ලෙඩ උනේ නැති නිසා ජිමින් හිටියෙ බයෙන්..

"අපි ඉක්මනට මූණ හෝදන් එමු..."

කිව්ව ජන්ග්කුක් ජිමින්ව වත්තම් කරගෙන බාත්රූම් එකට ගියා.. කණ්ණාඩියෙන් පේන රූපෙ දිහා ජිමින් බලාගෙන හිටියෙ ගල් වෙලා..

"මම කැත වෙලානෙ..."

ජිමින් එයාගෙ කම්මුල් අල්ලනගමන් කිව්වා..ජිමින්ගෙ මූණත් මහත් වෙලා..

"ඔයා කැත නෑ බබා..."

"මම මහතයිනෙ..."

ජිමින් බිම බලාගෙන කිව්වෙ දුකෙන්.. ජන්ග්කුක් ජිමින් ළගට ඇවිත් එයාගෙ බෙල්ලෙ හාද්දක් තිබ්බා..

"ඔයා කලින් හිටපු ගානමයි බබා... මහත් වෙලා නෑ..."

"නෑ මහතයි...මේ බලන්න..."

My Little Camellia | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈシ︎Where stories live. Discover now