~35~

1.1K 303 27
                                    

"ජිමින්...!!"

"ඕ..."

"මං එද්දි හවස් වෙයි..ඔයාට ඕන ඔක්කොම මම හදලා තියෙන්නේ..ගෙදරට කවුරු ආවත් කතා කරන්න යන්න එපා..ඒ වගේම ගෙයින් එලියට බහින්න හිතන්නවත් එපා..හරිද..?"

"හරි අනේ..ඔයා දහ පාරකටත් වඩා ඕක කිව්වා.. දැන්වත් යන්නකො.."

"හ්ම් මං යනවා..."

ජන්ග්කුක් ලෑස්ති වුනේ තමන්ගෙ විශේෂම සිතුවම් වගයක් ඉහළ මිලකට මිලදී ගන්න කැමති වෙලා තිබුන සෝල් ආර්ට් ගැලරි එකට යන්න..බූසාන් වල ඉදලා දිගු ගමනක් නිසා ජන්ග්කුක් අටට විතර නිවසින් පිටත් වෙන්න සූදානම් උනත් හිත නොසන්සුන් වුනේ ජිමින් නිසා..කියන දේ කනට නාහන සූරදූතයා තමන් නැති පැය කිහිපයෙ කොයි විදිහට ගත කරාවිද කියලා එයාට හිතාගන්න බැරි උනා.

නැගිට්ට වෙලවෙ ඉදන් දඟ වැඩ නොකර හරියට ඉන්න කියලා උපදෙස් දුන්නත් ජිමින් ඒවා කනකට ගත්තෙ නෑ.. කොහොමින් කොහොම හරි ජන්ග්කුක් පිටත් වෙන්න ටිකකට කලිනුත් ජිමින්ව ළගට අරගෙන උපදෙස් දුන්නා.

ජන්ග්කුක් යන්න හැරුනත් අතින් අල්ලගෙන ජන්ග්කුක්ව තමන් දිහාවට හරවගත්ත ජිමින් ජන්ග්කුක්ව තදින් බදාගත්තා.

"ඉක්මනින් එන්න...."

ජිමින් මුමුණද්දි ජන්ග්කුක් තවත් තදින් ජිමින්ව බදාගෙන ඔලුව උඩින් හාද්දක් තිබ්බා.

"ඔයා ලස්සනයි.."

"ලස්සන කෙල්ලොනෙ.."

"යා...!"

හිනා වෙන ගමන් ජිමින් කියද්දි ජන්ග්කුක් ජිමින්ගෙ කම්මුල් වලින් අල්ලගෙන පුංචි පෙක් එකත් තොල් වලින් තියලා නිවසින් පිට වුනා.. ජන්ග්කුක් යනකන්ම ජනේලෙ ළගට වෙලා බලාගෙන හිටිය ජිමින් ටීවි එක ළගට ආවෙ කම්මැලිකමේ..

සැටියෙ වාඩි වෙලා ටීවි ඒකෙ යන කාටූන් දිහා කිසිම හැඟීමක් නැතුව බලාගෙන හිටිය ජිමින් ටීවි එක ඕෆ් කරලා කාමරේට යන්න හැරුනෙ තව ටිකක් නිදාගන්න හිතාගෙන.ඒත් එයාට මතක් උනේ මීට දවස් පහකට කලින් වැස්ස දවසෙ ජන්ග්කුක් සිගරට් බිබී හිටිය කාමරය..

"හ්ම්..මේක තමයි වෙලාව.. එයත් නැති එකේ ඒකෙ තියෙන්නේ මොනාද කියලා බලන්න පුළුවන්..."

ජන්ග්කුක්ගෙන් ඒකෙ තියෙන කාන්තා රූපය ගැන ඇහුවත් ජන්ග්කුක් ඒ ගැන මුකුත්ම කිව්වෙ නැති නිසා ජිමින්ට ඒ ගැන තනියම හරි හොයාගන්න ආසා හිතුනා..සුරදූතයෙක් උනාට කුප්ප වැඩ වලට හරිම කපටි මොළයක් තමයි එයාට තිබුනෙ..

කාමරය ළගට ආව ජිමින් දොරේ අගුල කැරකුවත් ඒක ලොක් කරලයි තිබුනෙ.. යටිතොල හපාගෙන දොරට පයින් ගහලා එයා බිත්තියට හේත්තු වෙලා කල්පනා කලා...

ටිකකින් අගුල ඉස්සරහට ඇවිත් ඒක දිහාම බලාගෙන ' දොර ඇරෙන්න ' කියලා ජිමින් හිතද්දි කාමරේ දොර විවර උනේ ජිමින් කම්මුල් පුම්බගෙන සතුටින් හිනා වෙද්දි.

කාමරේ ඇතුලට ආව ජිමින්ට ඒකෙ ඇතුලෙ තියන දේවල් දැකලා කරකවලා අතෑරියා වගේ උනෑ..කමරයම පිරිලා තිබ්බෙ එකම කෙල්ලගෙ විවිධ කෝණ වලින් ඇන්ද චිත්‍ර වලින්..

'වොහ්..!! කවුද මේ ගෑනු කෙනා..ඇයි ජන්ග්කුක් එයාගෙ චිත්‍ර ගොඩක් මේ කාමරේ තියලා තියෙන්නේ..?'

කාමරේ නම් තිබ්බෙ හොදටම ජරා වෙලා.. තැනින් තැන මකුලු දැල්.සිගරට් කොට ගොඩක් බිම වැටිලා තිබ්බා..

ජිමින් තවත් හොදින් ඒ චිත්‍ර දිහා බලන් හිටියා..ටික වෙලාවක් යද්දි එයාට තේරුනා හැම චිත්‍රෙකම ඇස් යොමු වෙලා තියෙන්නේ කාමරේ මැද තියෙන පුටුවට කියලා..මහා අද්භූත හැඟීමක් හිතට දැනෙද්දි තවත් ඒ කාමරේ ඉන්නැතුව ජිමින් එලියට ආවා..

"අර්ර්ග්...එතන මකුලුවො ගොඩයි..."

දොරත් වහලා දාලා ඉක්මනින් නිදන කාමරයට ආව ජිමින් ජන්ග්කුක්ගෙ ඇඳට පැනලා ඩුවට් එකත් බදාගෙන ඇස් පියාගත්තෙ නිදාගන්න..කාමරේ හැම අඟලකින්ම ගලාගෙන ආව ජන්ග්කුක්ගෙ සුවඳ ජන්ග්කුක් තමන් ළග ඉන්නවා කියන උණුසුම් හැඟීම ජිමින්ට ගෙනත් දුන්නා.



----------------------------------------------

To be continued..!!

අද පරක්කුයි නෙහ්..වැඩ වැඩි වෙද්දී මේක ලියන්නත් කම්මැලි වෙනවා sagoo 😪👀💀

My Little Camellia | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈシ︎Where stories live. Discover now